වයින් ස්ටෝර්ස් විවෘත කරන්න අවසර දුන්නේ කවුද?

වයින් ස්ටෝර්ස් විවෘත කරන්න අවසර දුන්නේ කවුද?

ඊයේ දින (17) සුරාබදු දෙපාර්තමේන්තුවේ උපදෙස් මත යැයි පවසමින් රට පුරා වයින් ස්ටෝර්ස් විවෘත කරන්නට වූ අතර ඒ සදහා නිරෝධායන ඇදිරි නීතිය හෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිලිබදවද නොතකා ජනතාව එක්රුස්විය.

එම තත්වය පිලිබද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අද දින (18) පවසා සිටිනුයේ සෞඛ්‍ය අංශ සුරා සැල් විවෘත කිරීමට නිර්දේශ ලබා දී නොමැති බවයි.

එසේනම් සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකා සුරාසැල් විවෘත කිරීමට උපදෙස් ලැබුනේ කාගෙන්ද? කුමන බලධාරියකු අවසර දුන්නද මෙම තත්වය රටේ සෞඛ්‍ය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ඊයේ දින අපට පැහැදිලි විය.

Local NEWS