ශ්‍රි ලාංකික යොවුන් ගායිකා යොහානි විසින් ගායනා කල “මැණිකේ මගේ හිතේ” ගායනයෙන් පසුව ලද ජනප්‍රියත්වය සමග ඉන්දියාවේ ප්‍රසංග දෙකක් සදහාද මේ වන විට ඇයට ආරාධනා ලැබී ඇත.
සැප්තැම්බර් 30 දින හා ඔක්තෝබර් 03 දින පවත්වන්නට යෙදෙන මෙම සජීවි ප්‍රසංග සදහා ඇය සහභාගී වනු ඇත.
ඇයගේ ගීතය ලොව වටා කෙතෙක් ජනප්‍රිය වීද යත් වයලීන වාදනයෙන් ලොව දිනා සිටින කැරොලයින් කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා වීථියේ දී එම ගීතය හරි අපූරුවට වයලීන් වාදනයෙන් ඉදිරිපත් කරනවාද අපට දැකගත හැකි වී ඇත.