ලෝකයෙහි සොඳුරු බව රැකගනු පිණිස ගී සිංදු දහස් ගණනින් ගැයුන ද ලෝකය තව ම සමස්තයක් ලෙස අඳුරුය. ඒ අඳුරු බව නොදැක්කා නොදුටුවා සේ සොඳුරු ගී ගැයුම නොහොබී. එහෙයින් යමක් කිව මනාය. ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිසුන් විරළය. ඇති දේ නැති සැටියෙනුත් නැති දේ ඇති සැටියෙනුත් දකින මිනිසුන් බහුලය. මිනිස්කම නොපෙනී, ජාතිය ආගම කුලය පෙනෙන්නේ එනිසාය. මනුෂ්‍යත්වය වෙනුවෙන් නොඇවිළෙන සටන්, වෙනත් පටු බෙදීම් වෙනුවෙන් ඇවිළෙන්නේ එනිසාය.
අහසේ ඉම මෙන් ම පොළොවේ බිම ද එසේ බෙදී බෙදී – ගිනි ඇවිළී ඇවිළී යන විට, දහමේ ගුණ පත් ඉරු තුළ පමණක් ම ශේෂ වී ඇත. ශාස්තෘවරුන්ට පිටුපාන අනුගාමිකයෝ ඒ ගුණ කෙළෙසමින් සිටිති. ඒ මත පහරමින් සිටිති.
දැන් අප කුමක් කළ යුතු ද ? කළ යුත්තේ එක ම දෙයකි. එනම්, අප තුළ සිටින ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයා අවදි කරලීමය. අප තුළ සිටින අශිෂ්ට සත්වයා පරාජය කරලීමය. සත්තකින් ම එය අභ්‍යන්තර සටනකි.
එය, ඇවිළෙන සටනක් නොව නිවෙන සටනකි. අවුළන සටනක් නොව නිවන සටනකි. ආදරයේ නාමයෙන් මේ සප්තස්වර හැඬවෙන්නේ ඒ නිවීම වෙනුවෙනි. තරු එළිය දිලෙන්නේත් සඳ කිණිති නැමෙන්නේත් ඒ නිවීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් ම පමණි.!
(විමල් කැටිපෙආරච්චි විසින් සඳ කිනිති නැමී ප්‍රසංගය වෙනුවෙන් 2018 මාර්තුවේ තැබූ සටහනකි


Impressive article! Informative and straight to the point.
This site is a lifesaver.
wmokt3
zzozz9
zxxiv3
s6xotw
o8j9fu
k4cyf1
q8whrp
n25iye
pvuv1l
901gdt
5ebytp
gpuky8
wpxche