බොරතෙල් ගෙන්වීමට ඩොලර් හිගයක් පවතින බව හා බොරතෙල් පිරිපහදු කර සිදු කරන පෙට්ට්‍රෝල් ඇතුලු නිෂ්පාදන මගින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන බවට ඛණිජ තෙල් ඇමති උදය ගම්මන්පිල පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය. ඒ අනුව පිරිපහදු කිරීමට බොරතෙල් නොමැති වීම මත සපුගස්කන්ද පිරිපහදුව දින පනහකට තාවකාලිකව වසා දමන ලදි.
නමුත් හෙට (30) 15.30 පැයට කොළඹ වරායට Astro Sculptor නම් ඇමරිකානු නෞකාව බොරතෙල් සමග පැමිණීමට නියමිත බවට වාර්තා වේ. එසේම එම නැවෙන් රුගෙන එන බොරතෙල් දින 16/17 ක් පමණ කාලයක් තුල පිරිපහදු කල හැකි බවටත් වාර්තා වේ.
පිරිපහදුව පාඩු ලබනවා නම් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නැවත බොරතෙල් ගෙන්වන්නේ කුමන පදනමක් මතද යන ගැටලුව ඒ අනුව උද්ගත වන අතර ඩොලර් හිගයක් ඇතැයි යන්නේ සත්‍ය අසත්‍යතාවය පිලිබදව ගැටලුවක් පැන නගී.


bcyj0j
0vut1v
5bd1us
ofmypo