ආර්ථික විද්‍යාව යනුවෙන් හදුන්වා දී තිබෙන මිනිසාගේ අසීමිත අවශ්‍යතාවයන් සීමිත සම්පත් වලින් සපුරා ගැනීම කළමනාකරණය කර ගැනීම මෙන්ම රටක ආර්ථිකය එම න්‍යායට අනුව හැඩ ගැසීම ආර්ථික විද්‍යාව වශයෙන් හදුන්වා දීමට පුළුවන. න්‍යාය එසේ වුවත් රටක ඇති සම්පත් අතීතයේ දී ප්‍රයෝජනයට ගත් ආකාරය සලකා බලා වර්තමානයේ එම සම්පත් භාවිතා කිරීම කල යුත්තේ අනාගත පරපුරටද එම සම්පත් ඉතිරි කිරීම තුලිනි. මෙම සම්පත් අතීතයේ රජවරු භාවිතා කල ආකාරය හා යටත් විජිත යුගයේ පාලකයන් භාවිතා කල ආකාරයත් අප සලකා බැලිය යුතුය. රටක භූමියත් භූමියෙන් ලබන ඛනිජ සම්පත්, භුමිය උපයෝගී කරැගෙන කරනු ලබන විවිධ වගාවනුත් ස්භාවධර්මයෙන් ලැබෙන ජලය හා මහා වනාන්තරත් මහා සාගරයෙන් ලැබෙන විවිධාකාර වූ සම්පතුත් අපගේ ධනය වේ. මෙසේ ලැබෙන ධන උල්පත් නිසි පරිදි ප්‍රමාණයකට ප්‍රයෝජන ගනිමින් රටේ ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීම රටේ ජනතාව විසින් පත් කරගන්නා රජයක යුතුකම වේ. එය ආර්ථිකය කළමනාකරණය කිරීමය. රට පාලනය කරන්නන් විසින් තම රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදී සමස්ථ ජනතාවගේම මුලික අවශ්‍යතාවයන් ක්‍රමානුකුලව සපුරා දීමට රටේ සම්පත් යොදා ගැනීම ආර්ථිකයේ මුලික කටයුත්ත වේ.
මෙහිදී මෙකි ආර්ථික ලංකාවේ ආර්ථිකය හා ලෝක ආර්ථිකය ලෙස මුලික වශයෙන් කොටස් දෙකකට වෙන් කරගෙන තොරතුරු සපයා ගැනීම කල යුතු වේ. එසේම රටක සම්පත් පරිභෝජනය කර ඇති ආකාරය අනුව සහ ජනතාව අතර බෙදී යාමේ ක්‍රමය සලකා බලා දියුණු ආර්ථික ක්‍රමයක්, දියුණුවෙමින් පවතින ආර්ථික ක්‍රමයක් හෝ නොදියුණු ආර්ථික ක්‍රමයක් වශයෙන් කොටස් වලට බෙදිය හැකිය. එසේම රටේ සම්පත් වලින් ජනතාව ප්‍රතිලාභ ලබා ඇති ආකාරය සලක බලා එම ආර්ථිකය ධනවාදී ආර්ථිකයක්, සමාජවාදී ආර්ථිකයක් හා මිශ්‍ර ආර්ථිකයක් වශයෙන් වර්ගීකරණය කල හැකිය. මේ අයුරින් විග්‍රහ කර බලන කල ශ්‍රී ලංකාවේ ආර්ථිකය කුමන වර්ගයට අයත්ද, අපේ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර තිබේද, එසේම රටේ සම්පත් ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරාලීමට සමත් කරගෙන තිබේද යන්න සලකා බැලිය යුතුය. එය පැරණි රජ දවස සිදුකල ආකාරයත් යටත් විජිත් යුගයේ සිදුකල අයුරුත්, නිදහසින් පසු මේවන තෙක් සිදුකර ඇති අයුරුත් අපි විග්‍රහ කර බලමු. ඒ ඒ වකවානු වලදී එවකට සිටි පාලකයන් විසින් රටේ සංවර්ධනය සිදුකර ඇත්තේ කෙසේද, එහි සාර්ථක අසාර්ථක බව කෙසේද, එම සාර්ථක අසාර්ථක භාවය නිසා පාලන තන්ත්‍රයට සහ ජනතාවට ලැබී ඇති සහන මොනවාද, ආර්ථික කටයුතු අසාර්ථක වීමෙන් පාලන තන්ත්‍රයට සහ ජනතාවට විදීමට සිදු වූ අනර්ථයන් මොනවාද, ඒවා ව්‍යසනයන් බවට පත් වීමට ඉඩ නොතැබීමට කටයුතු කල යුත්තේ කෙසේද යන්න අපගේ අවධානයට යොමු වූ කරුණකි.
අපේ රටේ පැරණි රජ දරුවන් අතර වීර පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ මේ මව්බිම ආහාර අතින් ස්වයoපෝෂිතව පැවති බව ඉතිහාසයේ සටහන් වේ. නමුත් යටත් විජිත යුගයේ අපගේ ආහාර රටාවට අවශ්‍ය වී නිෂ්පාදනය වෙනුවට අධිරාජ්‍යවාදීන් සිදු කලේ ඔවුන්ගේ බටහිර රටවලට අවශ්‍ය දේ ශ්‍රී ලංකාව තුලින් ලබා ගැනීමයි. මෙහිදී පාරම්පරික ගොවි බිම සංවර්ධනය කිරීම කෙරෙහි ඔවුන්ගේ වැඩි උනන්දුවක් නොතිබූ අතර ඔවුන්ගේ රටවල අවශ්‍යතාවය මත තේ, රබර්, කොකෝ, කුරුදු වැනි වගා සදහා වැඩි සැලකිල්ලක් දැක්විය. මේ වාණිජ වැවිලි ව්‍යාප්තියත්, ඒ සමගම ඉන්දියානු කම්කරුවන් ශ්‍රී ලංකාවේ වතුවල සේවය කිරීම සදහා මෙරටට ගෙන්වා පදිංචි කරවීමත් තුලින් රටේ ආර්ථිකයේ මෙතෙක් පැවති ක්‍රමය වෙනස් විය. මෙහි ප්‍රථිපලයක් වශයෙන් අධික ධනවත් සමාගම් සමග දිනිදු වතු කම්කරුවන් පිරිසක්ද අප රටට උරුම විය. මව්බිමේ සාරය යුරෝපා රට වලට යාමත්, ඔවුන්ගේ රටවල භාණ්ඩ අලෙවියට අප රටේ වෙළදපොල නිර්මාණය කර ගැනීමත් දේශීය වී නිෂ්පාදනය වෙනුවට ආසියාතික රට වලින් සහල් ආනයනය කිරීමත් යටත් විජිත යුගයේ සිදු වූ බැවින් ලාංකීය ජනයාට දේශයේ සම්පත්වල උරුමය ක්‍රමයෙන් අහිමි වුණි.
අප රට බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉවත් වුන පසු දේශීය පාලන පක්ෂයක් විසින් පාලනය භාර ගන්නා ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩි.එස් . සේනානායක මැතිතුමා වීර පරාක්‍රමබාහු රජතුමා ආදර්ශයට ගනිමින් නැවත වතාවක් ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කළේ රටේ ආර්ථිකය සමුර්දිමත් කිරීමේ අපේක්ෂාවෙනි. මෙම ගොවිජනපද ව්‍යාපාරය ශ්‍රී ලංකාවට ඔබින, රටේ ආර්ථිකය නිසි මගට යොමු කිරීමට තරමක් ඉවහල් වුන අතර සුදු අධිරාජ්‍යවාදීන් විසින් අප රටේ ආර්ථික දියුණුව අඩපන කිරීම සදහා අටවා ගිය බොරු උගුල් වලට ලාංකීය ජනතාව සහ පාලකයින් නොදැනීම අසුවුණි.
රටේ අධ්‍යාපන ක්‍රමය රට දියුණු කිරීමට හැකිවන පරිදි පුරවැසියන් නිර්මාණය කිරීම වෙනුවට එනම් දක්ෂ ගොවියන් මෙන්ම දක්ෂ කාර්මිකයන් බිහිකිරීම තුලින් පුහුණු ශ්‍රමික පිරිසක් දේශයට දායාද කිරීම වෙනුවට ඔවුන් අපේ අධ්‍යාපන රටාව නිර්මාණය කර තිබුණේ කිසියම් විෂයක් පිළිබද උපාධියක් පිරිනමා උපාධියෙන් හිස උදුම්මාගත් පිරිසක් නිර්මාණය කිරීමටත්, ආර්ථික සංවර්ධනය උදෙසා දායක වියහැකි පිරිසක් නිර්මාණය නොකිරිමටත්ය. මේ ක්‍රියාදාමය එදා මෙන්ම වර්තමානයේත් අපේ ආර්ථික සංවර්ධනයට බාධාවක් වී ඇත. බටහිර අධිරාජ්‍යවාදීන් අප රට පාලනය කල කාලය තුලදී අපේ ආර්ථිකය අප විසින්ම කවදා හෝ පුර්ණ සංවර්ධිත රටක් බවට පත්කර ගැනීම අඩපණ කිරීමට කටයුතු කරන ලදී. මේ මව්බිමට සංවර්ධනය ලගා කරගත හැකිවන්නේ අප රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය දේශීය වශයෙන් නිපදවා ගතහැකි කෘෂි රටාවක් තුලිනි. එවිට බටහිර ජාතීන්ට ඔවුන්ගේ නිෂ්පාදන සදහා ශ්‍රී ලංකාවේ වෙළදපල අහිමිවන බැවින් දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙලවල් වෙනුවට බාධක කම්කටොළු නිර්මාණය කර තිබුණි. එනම් කෘෂිකර්මය සදහා අවශ්‍ය ඉඩමකට යම් නඩුවක් පවරුනහොත් එය විසදීමට දිගු කාලයක් ගතවීමේ ක්‍රමවේදයක් සකස් කර තිබුණි.
ශ්‍රී ලාංකීය ජනතාවගෙන් බහුතරයක් ආගම දහමට ලැදි සාමකාමී ජනතාවක් මෙන්ම ආගන්තුක සත්කාර ගුණයෙන් සමන්විත සමුහ වශයෙන් ගොවිතැන් කරමින් ජීවත් වන අතර තමන් තම රට පාලනය කිරීමට, දේශයට ආදරය ඇති දක්ෂ නායකයකුගෙන් සමන්විත පාලක කණ්ඩායමක් තෝරාපත් කර ගැනීම ඔවුන්ගේ එකම අභිලාෂයයි. සමගියෙන් ජීවත් වෙමින් යහපත් පාලකයකු යටතේ රට කරගෙන යාම තුලින් රටේ සංවර්ධනය සිදුවන බැවින් එය වැලැක්වීම සදහා බටහිර අධිරාජ්‍යවාදීන් විසින් අපට දරුණුතම ව්‍යසනයක් දායාද කරන ලදී. එනම් අද පවතින පක්ෂ දේශපාලන ක්‍රමය හා මැතිවරණ ක්‍රමය නොහොත් අද පවතින වනචාරී දේශපාලන රටාවයි. මේ ක්‍රමය යටතේ රටේ නායකත්වයට පත් වුයේ රාජ්‍ය පාලනයට සුදුසු පුද්ගලයා හෝ කණ්ඩායම නොවේ. නමුත් කලාතුරකින් එවැනි අය සිටියද ඔවුන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගනිමින් රට සංවර්ධනය කර ගැනීමට ජනතාවත් කපටි දේශපා ඉඩලබා නොදුනි.
මේ පක්ෂ භේදය නිසා ජනතාව අතර අසමගිකම් අරගල නිරායාසයෙන් ඇති විය. සමහර කාලවල පත් වූ දේශපා ඔවුන්ට රාජ්‍ය බලය ලබාගැනීමට හා බලය රැකගැනීම පිණිස ජාතිවාදය, ආගම්වාදය,කුලවාදය අවුස්සා ලක්මාතාවගේ දරුවන් අසමගි කොට ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කර ඇත.මෙම අසමගිය තුලින්ද, අධ්‍යාපන රටාවේ පැවති වැරදි නිසාද, බටහිර අධිරාජ්‍යවාදීන් විසින් මුඩුබිම් පණත මගින් අසරණ ගැමියාගේ ඉඩම් බලහත්කාරයෙන් ඔවුන් සතු කරගෙන පසුව සුද්දන්ගේ ආගමට තාන්න මාන්න වලට ගැති වූ කළුසුද්දන්ට විශාල ඉඩම් ප්‍රමාණයක් ප්‍රදානය කිරීම තුලින් නියම ගැමි ගොවියාට වගා කිරීමට ඉඩම් නොමැති වීම තුලින් අපට අවශ්‍ය දේශීය ආහාර නිපදවා ගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් සහිත සංවර්ධනයක් කරා ගෙන යාම සදහා කටයුතු කිරීමට තවම ප්‍රමාද නැත. කල යුත්තේ සුද්දන් විසින් හදුන්වාදුන් කළුසුද්දන් ක්‍රියාත්මක කරනු ලබන පෙර සදහන් කලා වූ වැරදි අධ්‍යාපන ක්‍රමය, පක්ෂ දේශපාලන ක්‍රමය, මැතිවරණ ක්‍රමය ජනතාවගේ වැරදි ආකල්ප සහමුලින් වෙනස් කර ක්‍රමානුකුලව අප රටේ යැපුම් කෘෂි ආර්ථිකයක් සමග කෘෂිකර්මාන්තය හා බැදුණු කර්මාන්ත බිහිකිරීම තුලිනි.මෙහිදී පියවරෙන් පියවර මෙම කාර්යන් කලයුතු වන්නේය.
රටේ ජනතාව අතර ගොවියා, කම්කරුවා, ධීවරයා, ගැමියා, වතු කම්කරුවා සහ කුඩා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයා හට අද ලැබනුයේ දිනකට රුපියල් 300ත් 600ත් අතර ආදායමකි. නමුත් රටේ ජනගහනයෙන් 20% ක පමණ පිරිසකගේ දෛනික ආදායම රුපියල් ලක්ෂ දහය ඉක්මවයි. එසේ තිබීම යහපත් ආර්ථිකයක ලක්ෂණ නොවේ. නමුත් මෙහිදී එක් දෙයක් කිවයුතු වේ. සමහර කපටි දේශපා පවසන පරිදි රටේ ධනය සැමට සමසේ බෙදී යායුතුය යන සංකල්පය කිසිදා මහපොළවේ සිදුනොවන දෙයකි. සිදුවන සිදුකල යුතු එකම දෙය වනුයේ රටේ සම්පත් රටේ සැමදෙනාට සාධාරණව බෙදී යා යුතුය යන සංකල්පයය. ඒ සාධාරණ බෙදී යාම ක්‍රියාත්මක කිරීම සදහා 1971 වූ තරුණ අරගලය වසර 30 ක් පැවති ජාතිවාදී යුද්ධය සහ 1988, 1989 කාලවල නැවත ඇති වූ සන්නද්ධ අරගලයන් මගින් අත්හදා බැලීම් කලත් එය ලක් මවට සහ ලක්මාතාවගේ දරුවන්ට දරා ගැනීමට නොහැකි විය. නැවත සන්නද්ධ අරගලයක් හෝ යුද්ධයක් ඇති නොවන පරිදි රටේ සම්පත්, රටේ ආර්ථික කළමනාකරණය කරගන්නා ආකාරය මතුවට විග්‍රහ කර බලමු.