ජන­පති එ.ජා. සමු­ළුව අම­තයි

ජන­පති එ.ජා. සමු­ළුව අම­තයි

සැප්තැම්බර් 21 දා නිව්යෝර්ක්හිදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එක්වීමට නියමිතය.

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වේ. සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන අය ද ජනාධිපතිතුමා සමඟ සංචාරයට එක්වෙති. මෙම සංචාරයට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ සිය පෞද්ගලික වියදමින් එක්වනු ඇත. ඒ අනුව මෑත ඉතිහාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට මෙරටින් සහභාගි වන අඩුම දූත පිරිස මෙවර සහභාගි වීම විශේෂත්වයකි.

  • www.silumina.lk/2021/09/11
Local NEWS Political