උදේ පාර්ලිමේන්තු මන්ත්‍රී හවස බැංකු අධිපති..

උදේ පාර්ලිමේන්තු මන්ත්‍රී හවස බැංකු අධිපති..

උදේ වරුවේ රාජ්‍ය මුදල් ඇමති ලෙස කටයුතු කල අජිත් නිවාඩ් කබ්රාල් සවස් වන විට ධූරය අතැර මහ බැංකු අධිපති වී ඇති බව සුනිල් හදුන්නෙත්ති පවසයි.

මුදල් පනතේ 11 වන වගන්තියේ මහබැංකු අධිපති ධුරයට නොගැලපෙන තැනැත්තන් නම් කර ඇති බවත් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය, පළාත් සභා මන්ත්‍රී ධූරය, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරය, රජයේ නිලධාරීන්, බැංකු අධ්‍යක්ෂකවරයකු වීම හෝ බැංකු නිලධාරියකු යන අය මහ බැංකු අධිපති ධූරයට නුසුදුසු බව දක්වා ඇති බව වැඩිදුරටත් පවසයි. ඒ අනුව උදේ රාජ්‍ය මුදල් ඇමති ලෙස ගන්නා ලද තීරණ නැවත සවස මහ බැංකු අධිපති වී ක්‍රියාත්මක කිරීමේ දී උද්ගත වන තත්ත්වය ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක් වන බවත් එය ස්වාධීනත්වයට බලපාන බවත් සුනිල් හදුන්නෙත්ති පෙන්වා දෙයි.

එපමණක් නොව, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පෙර මහ බැංකු අධිපති වී සිටි වසර පහක කාලයක් තිස්සේ අජිත් නිවාඩ් කබ්රාල් විසින් ගන්නා ලද තීරණ පිළිබඳව හා සිදුකරන ලද ගනුදෙනු පිළිබඳව ද තත්ත්වයන් වෙනස් වීමට මෙම තනතුරු මාරුව බලපානු ඇත.

Local NEWS Political