කොරෝනා මර්දනය සඳහා මේ වන විට පවතින විකල්පය ලෙස එන්නත්කරණය පිළිබඳව සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමුකර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. නමුත් විශේෂයෙන්ම තරුණ පිරිස ඒ සඳහා යොමුවීමේ අඩුවක් පවතින බවට කරුණු විමසීමේ දී අනාවරණය වී ඇත.
ගැහැණු ළමයින්ට මාතෘත්වයේදී ගැටළු ඇති වන බවටත් පුරුෂ පාර්ශ්වයට ලිංගික බෙලහීනතාවය ඇති වන බවටත් දුර් මත පවතින බව තරුණ තරුණියන්ගේ කතාබහින් පැහැදිලි වී ඇත.
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව ප්‍රකාශ කර සිටිනුයේ තවමත් වෛද්‍ය විද්‍යාත්මකව කිසිදු පර්යේෂණයකින් එබඳු වූ දුර්මත සත්‍ය බවට තහවුරු කර නොමැති බැවින් මෙම එන්නත ලබාගැනීමට බිය නොවන ලෙසත් තමාට ලබා ගත හැකි පළවෙනි අවස්ථාවේම එම එන්නත ලබාගෙන තමාගේ මෙන්ම තමාගේ පවුලේ අයගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙසත්ය.
වැඩිරටත් කරුණු දක්වමින් වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටිනුයේ වඩා හොද තත්වයක එන්නතක් ලැබෙන තුරුද යම් තරැණ පිරිස් බලා සිටින බවත් එසේ අවශ්‍යතාවයක් ඇත්නම් ඒ පිලිබදව කටයුතු කල හැකි බවත් නමුත් හේතු රහිතව එන්නත ලබා නොගෙන සිටීම සුදුසු නොවන බවත්ය.