රුපියල් ලක්ෂයකට වඩා වැඩි පඩි ගන්නා සේවකයින්ගෙන් 5% ක බද්දක් රජයට අයකර ගැනීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලය වෙත යෝජනා කර ඇතැයි වාර්තා වේ.
රුපියල් ලක්ෂයකට වඩා වැඩි පඩියක් ගන්නට ඒ නිලතල දරන සේවකයින් සිදුකරන වැඩ කොටස, රාජකාරීමට අවදානම්, මෙන්ම එම ලක්ෂයට සරිලන පුද්ගලික ණයද ගෙවන බව ඇමති නොදන්නා සේය. වෛද්‍ය, ඉංජිනේරු, නීති, ගණකාධිකාරීන්, කළමණාකරුවන්, කතිකාචාර්යවරු , ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද මෙම ඉලක්කයේ සිටින බව බන්දුල ගුණවර්ධන නොදන්නවා නොවිය හැක.
මෙම ප්‍රකාශය එන්නට තියෙන අයවැය ගැන රතු එලියක් විය හැක. වැඩකරන ජනතාව මෙය සුලුවට තකා ඉවත බලා නොයා යුතු අතර වෘත්තීමය වශයෙන් ඉදිරි අභියෝගවලට මූණ දීමට දැන්ම සිටම අඩිතාලම සකසා ගත යුතුවේ.
මේ පිලිබදව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ඉතා සුලුවට සලකා එය බන්දුල ගුණවර්ධනගේ පුද්ගලික අදහසකැයි බැහැර කරන ලද නමුත් ජනතාවට මෙය එතරම් සුලුවෙන් බැහැර කල නොහැකි බව අවධාරණය කල යුතු වේ.