මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සදහා පවතින අවශ්‍යතාවය අනුව ව්‍යාපෘති 36 ක් ඉදිරිපත් වී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දිස්ත්‍රික්ක දහඅටක් තුළ පිහිටා ඇති ගංගා 25 ක් සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යාංශය ලේකම් පවසයි.
මෙම ව්‍යාපෘතිය 36 සඳහා රුපියල් මිලියන එකසිය විස්සක් වෙන්කර ඇති අතරම සුරකිමු වගා වැඩසටහනට අනුව අතුරු ගංගා සංවර්ධනය ද සිදු කිරීමට කටයුතු සිදු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.