කෙලවරපිටිය බලාගාරයේ ගෑස් ගබඩා සහ නල පද්ධතියෙන් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීමට රාජපක්ෂවරු කැබිනට් තීරණයක් ගෙන ඇතැයි අනුර කුමාර දිසානායක පවසයි.
“නිව් පෝට්‍රට් එනර්ජි” නම් එම සමාගම කිසිදු අවස්ථාවක ටෙන්ඩර් ඉදිරිපත් කර නොමැති බවත් වසර පහක් යනතුරු ගෑස් ලබාගැනීමට ටෙන්ඩර් පටිපාටියට පරිභාහිරව මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.