ළමුන් කියන්නෙ කවුද?
ලංකාවේ සිවිල් නීතියට අනුව අවුරුදු 18 අඩු තැනැත්තන් ළමුන් වේ. ළමුන් වැඩිපුරම හිංසාවට ලක් වන්නේ ඔවුන් පහසුවෙන් අගතියට පත් විය හැකි පිරිසක් වන නිසාය. ඉන් අදහස් වන්නේ ලාංකීය සමාඡය තුල පවතින සමාජ ආරක්ෂාව පිලිබඳ ගැටලු හේතුවෙන් දරුවන් පහසුවෙන් හිංසාවට, අතවරයට ලක්විය හැකි වීමයි. බොහෝ විට ළමුන් සමාඡයේ දී වෙනස් කොට සැලකීමට ලක් වන අතර එය ද එක්තරා ආකාරයක හිංසනයක් ලෙස යම් අවස්ථාවලදී විවිධ රටවල පවා පිලිගෙන ඇත. සමාන අයිතිවාසිකම් ලබා දෙන අවස්ථාවලදී දරුවන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ ජාතිය, ආගම, භාෂාවල වර්ගය මත විවිධ ආකාරයෙන් සැලකීමක් සිදු වුනොතින් එයයි වෙනස් කොට සැලකීමක් වනුයේ.
ප්‍රධාන වශයෙන්ම හිංසනයන් කායික හිංසනය, මානසික හිංසනය, ලිංගික හිංසනය, ලෙස ආකාර තුනකින් යුතු වන්නේය. වචන මගින් ශරීරය, ශරීරයේ යම් අවයවයක් හෝ යම් ද්‍රව්‍යක් එනම් ආයුධයක් පොල්ලක් වැනි දෙයක් භාවිතා කර සිදු කරන පහර දීමට තැත් කිරීම් ක්‍රියාවක් ද එක්තරා ආකාරයක හිංසනයන් ලෙස හදුනා ගත හැකිය. පාසලේදී, නිවසේදී, බස් රථයේ දී, නාන තොටුපලේදී පවා ඕනැම ස්ථානයකදී දරුවකු හිංසාවට පත් විය හැකිය.
මානසික හිංසනය යනු වචන මගින් හෝ ක්‍රියාවක් මගින් යම් තැනැත්තකුගේ හෝ දරුවකුගේ මනසට වේදනාවක් හෝ වෙනස් මානසික තත්වයක් උද්ගත වන පරිදි ඇති වන්නාවූ සංකූලතා තත්වයයි. උදාහරණයකින් පැහැදිලි කරනවා නම් ගුරුවරයකු විසින් ළමයකුට අසභ්‍ය වචන භාවිතා කරමින් වෙනත් සිසුන් පිරිසක් හෝ තැනැත්තන් පිරිසක් ඉදිරියේදී බැන වදිනවා නම්, නැතහොත් නිරුවත් කර පහර දීමක් කරනවා නම් එය නිතැතින්ම මානසික පීඩාවක් උද්ගත කරන්නාවූ කාරණාවන් වෙයි.
තවද රෝගි තත්වයකින් පෙළෙන දරුවකු වෙිද ශරීරයේ යම් අඩු පාඩුවක් ඇති දරුවකු වේද ඔහුට හෝ ඇයට එවැනි කරුණු ඉස්මතු වන පරිදි කරනු ලබන ප්‍රකාශ තුලින් ද මානසික හිංසනයක් ඇති විය හැකිය. එපමණක්ද නොව එකී මානසික හිංසනයේ ප්‍රතිපලයක් ලෙස යම් සිසුවකු මානසික ආතතිය හෝ වෙනත් එවැනි මානසික රෝගාබාධයක ට ලක් වන්නේද එවන් තත්වයක් තුලදී මානසික හිංසාවට එරෙහිව ලංකාවේ සිවිල් නීතිය හා මුලික අයිතිවසිකම් නිතිය යටතේද සහන සලසා ගත හැකි වන්නේය. කායිකව සිදු කරන හානියක ප්‍රතිපලයක් ලෙස ද මානසික හිංසනයක් සිදු විය හැකි වන්නේය.
වර්තමානයේ ඉලෙක්ට්‍රෝණික උපාංග භාවිතය වැඩි වී ඇති බැවින් ඡංගම දුරකථන මගින් සමාඡ වෙබ් අඩවි මගින් ද සිදුවන්නාවු හිරිහැර ප්‍රමාණයද දිනෙන් දින වැඩි වෙි. මෙමගින් දරුවකුට මානසික පීඩාවන් හා හිරිහැර ඇති වීමේ අවධානම දැඩිව පවතින අතර දරුවන්ට එවන් උපාංග ලබා දීමේදී නිසි භාවිත පිලිවෙත් පිලිබදව දෙමාපියන් විසින් වගකීමක් දරන්නේ නම් එම නව ආරකින් සිදුවන මානසික පීඩාවෙන් හිරිහැර වලින් තම දරුවන් ඛේරාගත හැකි වන්නේය.
දරුවන් අසීමිත ලෙස වැඩපලෙහි යොදවා ගැනීමද, දැඩි නිති රැකවල් මධ්‍යයේ ඇති දැඩි කිරීමද තවදුරටත් මානසික පීඩාවක් උද්ගත කරවන සමාඡ ගැටලුවක් බවට හදුනාගත හැකි වන අතර, එය දෙමාපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද තාවකාලික භාරකරුවන්ගේ ද යුතුකම වනුයේ දරුවන් මනාව හැසිරවීමෙිදී මානසික හිරිහැරයක් උද්ගත නොවන පරිදි දරුවන්ගේ මානසික මට්ටම පිලිබදව සලකා බලා කටයුතු කිරීම වේ.
ළමුන් හිංසනයෙන් වලකමු ……….
වර්තමානයේ විවිධාකාර වූ මුහුණුවරයන් ගෙන් කායික ලෙස ළමුන් හිංසනයන්ට පත් වීම බහුලව සිදු වන බව අපට දැක ගත හැකියි. කායික හිංසනයන් යනු දරුවකුගේ ශරීරයට එරෙහිව සිදු කරනු ලබන ඕනෑම ආකාරයේ ක්‍රියාවක් වන්නේය. පහර දීම, තුවාල සිදු කිරීම, බලහත්කාරයෙන් සිදු කරනු ලබන ක්‍රියාවන් අපරාධ නීතිය තුලදී අපරාධයක් ලෙස හදුනා ගනී. බලහත්කාරයෙන් හිසකෙස් කපා දැමීම, දම්වැල් මගින් හෝ ගැට ගසා තිබීම, ගෘහස්ත සේවක දරුවන් කලුවර කාමරවල රදවා තැබීම, අහාර පාන ලබා නොදීම හා තද අවුවේ සිටුවා තැබීම යන අවස්ථාද විවිධ ආකාරයන් ගන්නා හිංසනයක් ලෙස හදුනාගත හැකිය. තවද ටොකු අනීම, ශරීරයට වේදනාවක් ඇති වන පරිදි මිරිස් හෝ සිද්ධාලේප වැනි ද්‍රව්‍ය බලහත් කාරයෙන් ආලේප කිරීමද කායික හිංසාවන් ලෙස ලංකාවේ අධිකරණයන් හා මානව හිමිකම් නීතිය තුලදී ද පිලිගෙන දඩුවම් නියම කර ඇති අවස්ථා ඇත.
කායික හිංසාවන් සිදු විය හැකි ස්ථාන ලෙස විශේෂයෙන්ම පාසල් ඇතුලු අධ්‍යාපනික ස්ථාන, ගෘස්තව, භාරකාරත්වයක් යටතේ ළමුන් සිටින අවස්ථාවලදී එනම් රුදවුම් ස්ථාන, ළමා නිවාස, රෝහල්, බස්රථ, පොලීසිය හා ස්වභාවික හෝ මිනිසකු විසින් කරන ලද ව්‍යසනයකින් පසුව අවතැන් වූවන් රදවා තබන කදවුරු වැනි පොදු ස්ථාන ද හදුනාගත හැකිය. එපමණක්ද නොව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පවතින නිවෙස්වලදී දරුවන්ට සිදුවන පහරදීම් හා මානසික පීඩනයද මෙහදී අපට අමතක කල නොහැකි අතර 5 ශ්‍රේණියේ ශීෂ්‍යයත්ය විශාගය, අ.පො.ස. සා/පෙල, අ.පො.ස. උ/පෙල අසමත් වීම හේතුවෙන් දෙමාපියන්ගෙන් පහර කෑමට ලක්වන දරුවන් පිලිබදවද මානසික පීඩනය උච්චතම වූ අවස්ථාවල සිසුන් සියදිවි හානි කර ගැනීම් ද විභාග ප්‍රතිපල නිකුත් කරනු ලබන කාල වකවානුවලදී අපට අසන්නට හැකිය.
ලිංගික වශයෙන් දරුවන්ට සිදුවන්නාවූ අස්වාභාවික ක්‍රියාවන් ඇතුලු සියලුම ශරීරයට එරෙහි බලහත්කාරී ක්‍රියාවන්ද කායික හිංසා ලෙස හදුනාගත හැකිය. මානව හිමිකම් ක්ෂේත්‍රයේ සිට බලන විට රඡයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන ස්ත්‍රී දූෂණ ඇතුලු ලිංගික හිරිහැර සියල්ල ද අපරාධමය වැරදි ලෙසටද හදුනාගත් නඩු තීරණ ඇත.
සමස්තයක් ලෙස ගත් විට මානසික හිංසාව කායික හිංසාවන් හා ලිංගික හිංසාද එකිනෙකට සම්බන්ධ නමුත් වෙනත් ආකාරයන් ගන්නා හිංසාවන් වන අතර එකී ත්‍රිවිධාකාරයෙන් හදුනාගත් හිංසාවන්ට එක්වරම එක් සිදුවීමකදී ලක් වීමද සිදුවන්නේය. උදාහරණයක් ලෙස උස් හඩින් දරුවකුට කරනු ලබන ප්‍රකාශයක් ඉතා බරපතල මානසික පීඩාවක් උද්ගත කරවිය හැකි ආකාරයේ හිංසාවක් වීමට ඉඩ කඩ ඇත. තවද දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ගැනීමද බරපතල ගණයේ හිංසාවක් වන අතර කර්මාන්ත ශාලාවල වයස 18 අඩු දරුවන් යොදවා ගැනීමද තවත් ආකාරයක ළමයින්ට එරෙහි හිංසාවක් වන්නේය. හිංසාවන්ට එරෙහිව සෑම පොලිස්ථානයකම පිහිටුවා ඇති ළමා හා කාන්තා කාර්යාංශයට ද ළමා රක්ෂණ අධිකාරියට ද පැමිණිලි ඉදිරිපත් කල හැකය. එසේම විධායක හෝ පරිපාලන ක්‍රියාවක් හේතුවෙන් දරුවන් මානසික කායික හෝ ලිංගිකමය ලෙස හිංසාවට පත්වේ නම් ඒ පිලිබදව සිදුවීම උද්ගත වූ දිනයේ පටන් මාසයක කාලයක් තුලදී ශ්‍රේෂඨාධිකරණයටද මාස තුනක කාලයක් තුලදී ශ්‍රී ලංකා මානව හිමිකමි කොමිෂන් සභාවටද පැමිණිලි කල හැකිය.
දරුවන් මල් වැනිය. ඔවුන්ට හිංසා නොකිරීම සෑම වැඩිහිටියකුගේම වගකීම හා යුතුකමයි. අනාගතයේදී රට භාර ගැනීමට සිටින දරුවන් හට හිංසාවන්ගෙන් තොර සමාඡ වටපිටාවක් සැකසීම සෑම අයකුගේම සාමාඡීය වගකීමක් වෙි. එබැවින් දරුවන්ට කිසිදු ආකාරයිකින් හිංසාවක් සිදු නොකරීමටත් තවද දරුවකුට හිංසාවක් සිදු වන අවස්ථාවලදී ඊට එරෙහිව නැගී සිටිමින් හඩක් නැගීමටත් කටයුතු කිරීම එක් එක් පුරවැසියා විසින් සිදු කල හැකි පුරවැසි යුතුකමක්ද වෙි.
නීතිඥ මහේෂිකා සුඡීවා