ඇමරිකාවට නිදහස ලබාගැනීමට උදව් කල විදේශිකයෝ

ඇමරිකාවට නිදහස ලබාගැනීමට උදව් කල විදේශිකයෝ

ඇමරිකානු නිදහස් සටන යනු ඇමරිකාවට පමණක් බලපෑ දෙයක් නොවේ. මෙයට ලොව පුරා සහභාගීත්වයක් දක්නට ලැබුණි. මෙම නිදහස් සටන ප්‍රංශ විප්ලවයට ද මූල බීජ සැපයීය. එසේ මූල බීජ සැපයූයේ ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් සටන්කල ප්‍රංශ හමුදාව විසිනි. ලොව විවිධ ප්‍රදේශවලින් සොල්දාදුවන් මෙයට සහභාගි වූ අතර ඔවුන් සිටියේ නොමැති නම් ඇමරිකාව තම නිදහස් සටන ජය නොගනු ඇත. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ ඇමරිකානු නිදහස් සටනට සහයවූ විදේශිකයන් පිලිබදවයි.

ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් සටන් වැද මියැදුනු පලමු පුද්ගලයා Crispus Attucks නම් අයෙකි. ඔහු අප්‍රිකාවේ වහල් බවින් මිදී පලාආ කෙනෙකි. ඔහුගේහිස වෙනුවෙන් මිලක් නියමකර තිබියදී ඔහු නැවියෙක් ලෙස සේවය කලේය. මොහුගේ ස්වාමියා මොහුව නැවත වහල් සේවය සඳහා බාර දෙන අයෙකුට මුදල් ගෙවීමට සූදානමින් සිටියේය. කවුරුන් හෝ එසේ Attucks ව වහල් සේවය සඳහා නැවත බාරදුන්නා නම් ඇමරිකානු විප්ලවය විටෙක සිදු නොවීමට ද ඉඩ තිබුණි.

Attucks තම නැව් සඟයන් සමග තානායමක සිටියදී බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු පැමිණියේ ය. මෙම සොල්දාදුවාගේ පැමිණීම ගැන Attucks එතරම් කැමැත්තකින් පසුනොවූ නිසා ඔහු සොල්දාදුවාට පහර දෙන ලදි. Attucks ගේ යහලුවන් හත් දෙනෙකුද මෙයට එක්කාසුවූ නිසා තව සොල්දාදුවන් කිහිප දෙනෙකු ද වහා දිවගෙන පැමිණ මෙම රණ්ඩුවට එකතු විය. තත්ත්වය දරුණු වේගෙන යන විට බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු තම තුවක්කුවෙන් වෙඩි තැබීමට පටන් ගත්තේය. මෙයින් නොසැලුණු Attucks දිගටම පහර දෙන ලදි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් රණ්ඩුව අවසාන වූයේ Attucks ඇතුලු පස් දෙනෙකුට මරු කැඳවමිනි. ඉතිහාසඥයන්ගේ මතය අනුව Attucks යනු වීරයෙක් ද නැතහොත් බීමතින් කෝලහාල කල පුද්ගලයෙක්ද යන්න පිළිබද දෙගිඩියාවක් පවතියි. කෙසේවුවත් ඇමරිකානු නිදහස් සටනේ ආරම්භක ගිණි පුළිඟු මේ මගින් දැල්වෙන ලදි.

ඇමරිකානු නිදහස් සටන සඳහා සටන් වැදුනු අය අතරින් බොහෝ අය පුහුණු සොල්දාදුවන් නොවේ. ප්‍රශියාවේ Friedrich Wilhelm von Steuben ඇමරිකාවට පැමිණීමට පෙර එහි මිනිසුන් බයිනෙත්තු භාවිතා කලේ මිනිසුන් මැරීමට නොව සතුන් මැරීමටය.

Von Steuben සාගර තරණය කර ඇමරිකාවට පැමිණියේ ඇමරිකානුවන්ට සටන් කරන ආකාරය ඉගැන්වීමටය. ඉතාමත් අපහසුවෙන් ඉංග්‍රීසි වචනයක් කතාකල ඔහු ඇමරිකානු හමුදාවේ අණදෙන ජෙනරාල්වරයෙකු ලෙස සේවයකරමින් හමුදාව පුහුණු කලේය. Von Steuben ප්‍රශියානු භාෂාවෙන් හමුදාවට කෑමොර දෙන විට ඔහුගේ සගයෙක් එය ප්‍රංශ භාශාවට පරිවර්තනය කරයි. ඒත් සමඟම තවත් පුද්ගලයෙක් එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර හමුදාවට පවසයි. මෙය සංකීර්ණ වුවද මෙම ක්‍රමය සාර්ථක විය. Von Steuben හමුදාවට සටන්කරන ආකාරය හා බයිනෙත්තු භාවිතා කරන ආකාරය උගන්වන ලදි. මෙය යුද්ධයේ විශාල වෙනසක් සිදුකිරීමට සමත් විය.

1779 දී ජෙනරාල් Wayne විසින් Von Steuben ගේ පාඩම්ස්ටෝනි බෲක් අල්ලාගැනීමට යොදාගන්නා ලදි. ඔහු ඇතුලු ඔහුගේ සගයන් මිනිසුන් 750 කට ආසන්න ප්‍රමාණයක් රැකවලින් සිටි වරායක් කිසිදු වෙඩි තැබීමකින් තොරව බයිනෙත්තු පමණක් භාවිතා කර අල්ලා ගත්තේය.

Tadeusz Kosciuszko යනු ඇමරිකානු හමුදාවේ සේවය කල ප්‍රධාන ඉංජිනේරුවෙකි. මොහු පෝලන්ත ජාතිකයෙක් විය. මොහු ඇමරිකානු යුද්ධයේදී ඇමරිකාව වෙනුවෙන් විශාල සේවයක් කල අයෙකි. මොහුගේ අවසාන බලාපොරොත්තුව වූයේ මොහුගේ සියලුම මුදල් අප්‍රිකානු වහලුන් මුදා ගැනීම සඳහා යෙදවීමයි. මේ අනුව Tadeusz Kosciuszko ඔහුගේ ලඟම හිතවතෙක්වූ තෝමස් ජෙෆර්සන් හට තමන් සතුව තිබූ සියලු මුදල් ලබාදී මියගිය පසු අවසාන බලාපොරොත්තුව ඉටුකරන්න යැයි පැවසුවේය. මේ වනවිට ජෙෆර්සන්ගේ වයස අවු. 75 ක් පමණ විය. එම නිසා ඔහු මෙම වගකීම තවෙකෙකුට පැවරීය. මේ ආකාරයෙන් මෙම වගකීම අතින් අතර ගොස් එක්තරා අවස්ථාවක ජෝර්ජ් බොම්ෆෝර්ඩ් අතට පත්වුනි. ඔහු මෙම මුදල් තම හිතුමතේට තමන්ගේ උවමනාවන් උදෙසා වියදම් කරන ලදි. අවසානයේ ජෝර්ජ් මිය යන විට ඔහුට ලැබුනු $43,504 මුදලින් ඉතිරිව තිබුනේ  $5,680 ක් පමණි. මෙම මුදල අධිකරණයට ලබා දෙන ලදි. ඔවුන්ද මෙම මුදල් වහලුන් නිදහස් කිරීම සදහා නොයොදන ලදි. ඒ අනුව අවසානයේදී Tadeusz Kosciuszko ගේ අවසාන බලාපොරොත්තුව සුන් විය. ඔහුගේ මුදල් වලින් එකදු වහලෙකු මුදාගැනීමට නොහැකිවිය.

Bernardo de Galvez යනු ලුයිසියානා හි ආණ්ඩුකාරවරයා ය. මෙය එකල ස්පාඤ්ඤයේ යටත් විජිතය කි. මොහු ඇමරිකාවට අවශ්‍ය අවි ආයුධ හා ඖෂධ හොර රහසේම සපයන ලදි. 1779 දී ස්පාඤ්ඤයත් යුද්ධයට අවතීර්ණ වූයෙන් ඔහුට තවත් සැඟවී සිටීමේ අවශ්‍යතාවක් නොවීය. ඔහු වසරක් තුල ඇලබාමා වලින් බ්‍රිතාන්‍යයන් පලවා හරින ලදි. ඊට වසරකට පසු ෆ්ලොරිඩා වලින් ද බ්‍රිතාන්‍යයන් ඔහු පලවා හරින ලදි.

මෙම යුද්ධය අතර කාලයේ කැනඩාව යනු බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. එම නිසා කැනඩාව තරමක් ඇමරිකාවේ හතුරන් ලෙස ක්‍රියාකරන ලදි. තත්ත්වය එසේ වුවත් කැනේඩියානුවන් ගෙන් සමහරෙක් ඇමරිකාව වෙනුවෙන් සටන් වැදුනේය. ඇමරිකානුවන් වරින් වර විවිධ පණිවිඩකරුවන් කැනඩාවට යවා එහි වැසියන්ව තමන්ගේ පැත්තට නම්මවා ගැනීමට උත්සහ දරණ ලදි. මේ අනුව කැනේඩියානුවන් ගෙන් සමහරෙක් ඇමරිකානු හමුදාවට බැදුනේය.

ඇමරිකානු හමුදාවේ කැනේඩියානු රෙජිමේන්තු දෙකක් පැවතුනි. ඉන් එක් රෙජිමේන්‍තුවක් Benedict Arnold විසින්මෙහෙයවූ අතර එය අසාර්ථක විය. කියුබෙක් අල්ලාගැනීම අසාර්ථකවූ අතර ඔවුන් නිව්යෝර්ක්හි ස්ථාන ගතකර තබන ලදි. Moses Hazen විසින්මෙහෙයවනලද අනික් කැනේඩියානු රෙජිමේන්තුව සාර්ථක විය. Hazen ද කැනේඩියානුවෙක් වීය. ඔහුගේ හමුදාව යෝර්ක් ටවුන් වැටලීමටත් සහභාගි විය. මෙය සටන යුද්ධයේ අවසානය සනිටුහන් කරන ලදි. යුද්ධය අවසානවූ පසු Hazen ඇතුලු තමන් සමඟ සටන්කල අනෙක් කැනේඩියානු සඟයින් ඉතිරි කාලය ඇමරිකාවේ වාසය කරන ලදි.

ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් ස්පාඤ්ඤය හා ප්‍රංශයද සටන් වැදුනේය. මෙම යුද්ධයේ දී විශාලතම හා දීර්ඝතම සටන පැවතියේ යුරෝපයේදී ය. ඒ Gibraltar හිදීය. මෙය කුඩා දිවයිනක් විය. 1779 ජූනි 24 වන දින ප්‍රංශ හා ස්පාඤ්ඤය හමුදා නැව් මගින් පැමිණ මෙම දිවයින යටත් කරගන්න සැලසුනේය. එහෙත් එය ලේසි පහසු එකක් නොවීය. මෙම සටන වසර තුනක් තිස්සේ දිව ගියේය. ස්පාඤ්ඤය ජාතික Antonio Barcelo විසින් මෙම සටන මෙහෙයවන ලදි. මෙම වැටලීම සාමගිවිසුමක් අත්සන් කරන තුරු නතර වූයේ නැත.  කෙසේ හෝ අවසානයේ මෙම සටන වෙනුවෙන් ස්පාඤ්ඤ ජාතිකයන් 3000 කට ආසන්න පිරිසක් දිවි දුන්නේය.

මුල් කාලයේදී ඇ.එ.ජ. තුල නෙදර්ලන්ත වැසියන් බොහෝ ප්‍රමාණයක් සිටියේය. ඔවුන් අනෙක් ඇමරිකානුවන් ගෙන් වෙන්ව වෙනමම සමාජය ගොඩනගාගෙන සිටියහ. බ්‍රිතාන්‍යයන් විසින් නිව්ජර්සි අල්ලාගත් පසුJohn Mauritius Goetschius නම් නෙදර්ලන්ත වැසියෙක් වගා කටයුතු වල යෙදෙන තම සඟයින් සමග ගරිල්ලා හමුදාවක් සාදාගත්තේය. රාත්‍රී කාලයේදී ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවට පහරදී උදය වන විට සාමාන්‍ය වගා කරුවන් ලෙස පෙනී සිටියහ. 1781 දී වොෂින්ටන් විසින් තම හමුදාව Lee වරාය ලෝයලිස්ට් වරුන්ගෙන් ලබාගැනීමට යැව්වේය. එනමුත් එම හමුදාව වරායා වෙත යනවිටත් John Mauritius Goetschius ඇතුලු නෙදර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් එම වරාය ලෝයලිස්ට්වරුන් ගෙන් ලබාගෙන තිබුනි.

ඇමරිකානු නිදහස් සටනේ අවසන් සටන පැවතියේ ඇමරිකාව තුල නොවේ.  ඒ ඉන්දියාව තුලය. 18 වනශතවර්ෂය වන විට සන්නිවේදනය එතරම් සීග්‍රයෙන් සිදුවූයේ නැත. ලෝකයේ එක් කෙරවලක සටන් කරමින් සිටි මිනිසුන් යුද්ධය අවසන් වූබව නොදැන දිගින් දිගටම සටන් කරමින් සිටියේය.

ඇමරිකානු නිදහස් සටනේ අවසන් වර්ෂ 5 තුල ඉන්දියාව ද යුද්ධයට සහභාගිවීය.  ප්‍රංශය එංගලන්තයට විරුද්ධව යුධ ප්‍රකාශ කල විට බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ඔවුන් ගේ යටත් විජිත වලට පහර දීමට පටන් ගත්තේය. Mysore හි සුල්තාන්වරයෙකු වූ හයිදර් අලි ප්‍රංශයේ හමුදා සමඟ එක්ව සටන් කලේය.

1783 දී හයිදර් අලි මියගිය පසු බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ප්‍රංශයට ප්‍රභල ලෙස පහරදීමට පටන් ගත්තේය. ප්‍රංශ හමුදාව මයිසෝරියානු හමුදාව එක්ව බ්‍රිතාන්‍යට දිගින් දිගටම පහර දෙන ලදි. අවසානයේ 1783 ජූනි 29 වන දින ඉන්දියාව වෙත පණිවිඩයක් ආවේය. එහි සටහන් වූයේ මාස අටකට පෙර ඇමරිකානු නිදහස් සටන ජයගත් බවයි. මෙම පණිවිඩය ලැබුණු විට සටන් කරුවන් අවි බිම හෙලා තම තමන්ගේ මව් රටවල් වලට යන ලදි.

– ඩියෝන් මිතිල ප්‍රනාන්දු –

History International Political