මොකද්ද මේ රස්තෆාරියානු සංස්කෘතිය කියන්නෙ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ මේක විලාසිතාවක් එහෙමත් නැත්තං කොල,කහ,රතු පාට ඇදුම් ඇදගෙන කැරලි කොන්ඩය වවාගෙන ගංජා කූරක් කටේ ගහගත්තු රස්තියාදු කාරයො සෙට් එකක් කියල. නෑ ඇත්තටම ඒක වැරදි අදහසක්. රස්ත හෙවත් රස්තෆාරියානුවාදය කියන්නෙ ලෝකෙ තියන වෙනම සංස්කෘතික්. අන්න ඒ රස්ත සංස්කෘතිය ගැන තමයි අද ලිපිය දිගහැරෙන්නෙ.
රස්තෆාරියානු සංස්කෘතිය යනු කුමක්ද?
රස්තෆාරියානු සංස්කෘතිය නම් සමස්තයක් ලෙස ගත්විට එය ආගමකට එහා ගිය ජීවන ශෛලියක්. එයට හේතුව රස්තෆාරියානුවන් දුප්පත්කම,පීඩනය,දුෂ්ට පාලනයට විරුද්ධ වීම සහ නිදහස වැනි දේ වෙනුවෙන් නැගී සිටි විප්ලවකාරී පිරිසක් වීම නිසයි.එහෙත් රස්තෆාරියානුවන්ට හැම මගපෙන්වීමක්ම බයිබලය තුලින් සිදුකරන නිසා එය සම්පූර්ණයෙන්ම ආගමකින් මිදුණු බවක් කිව නොහැකියි.
රස්තෆාරියානු ආරම්භය…
රස්තෆාරියානු ආරම්භය සිදු වී ඇත්තේ ඉතියෝපියාවේ බොහෝ කලු ජාතිකයන් මෙහිදී සුද්දා විසින් වහල් සේවයට යොදාගෙන තිබෙනවා මෙන්ම මේ හේතුව නිසා ඔවුන් බටහිර ගැති භාවය සහ බටහිර චින්තනය ප්‍රතික්ෂේප කරනවා ඉන් නොනැවතී ඇමරිකාවේ කිංස්ටනයේ කාඩ්බෝඩ් සහ ටකරන් යොදාගෙන තැනූ පුංචි මඩු ඇති කුනු බක්කි වැනි මුඩුක්කු ප්‍රදේශ වල ජරාජීර්ණ ජීවිත ගතකල කලු ජාතික වහල් ජනතාවද එයට එක් වෙනවා.මෙලෙස ආරම්භවී අද වනවිට ජැමෙයිකානු ජනතාවම වෙලා ගත් දර්ශනයක් බවට පත් වී තිබේ.රස්තා දර්ශනය තුල අවසානයේ කලු ජාතික ආධිපත්‍යයක් ගැන විශ්වාසය තබන අතර එය දුක සහ අන්ත අසරණ බව තුලින් උපද්දවන බැවින් රස්තෆාරියානු දර්ශනය නිර්මල හා වෛරයෙන් තොර වූත් සටන්කාමී එකක් විය.ආත්මීය නිදහස එහි ඉහළින්ම ඇති ඉල්ලීමක් වේ.
රස්තෆාරියානුවාදය දෙස බලන විට එහි පදනමට මුල් වී ඇත්තේ අතීතයේ අප්‍රිකානු හා කැරබියානු ස්වදේශීය ආගමික හා ජාතිකත්වයන් හා චාරිත්‍ර වාරිත්‍රයන්ය.එම කාලයේ මෙම රටවල් “නියබින්ගි රණකාමීන්” නම් සටන්කාමීන් පිරිසක් වූහ. ඔවුන් “ඩ්රෙඩ්ලොක්ස් රස්තලා” නමින් හැදින්වුනි. රස්තා වෙත ඉන්දියානු හිංදු දහමේ ආභාෂයද ලැබී ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.ඊට හේතුව සාධක ලෙස දක්වන්නේ 19 හා 20 වැනි සියවස අතර කාලයේදී හින්දු බැතිමතුන් හා ආගමික පූජකයන් දහස් ගනන් කැරබියානු දූපත් වලට සංක්‍රමණය වීමයි.මොවුන් අතර ලනු මෙන් දිග කරල් සහිත කොන්ඩ වවාගත් ගංජා බොමින් භාවනානුයෝගීව තම ආගමික කටයුතු කල තාපසයන් හා පූජකයන් විශාල වශයෙන් සිට ඇත.
රස්තෆාරියානු වර්ණයන් කුමක්ද?
ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්න තවත් වැරදි කරුනක් තමා රස්තෆාරියානු වර්ණ තුනක් කියන එක.නෑ ඇත්තටම වර්ණ හතරක් තියනව ඒ තමා කහ,කොල,රතු සහ කළු කියන වර්ණ හතර.ඒ වර්ණ හතර නිකම්ම නිකන් වර්ණ හතරක් නෙවෙයි ඒ වර්ණ වලිබ් පිලිබිඹු කරන ලොකු තේරුමක් තියෙනවා ඒ තමා
- රතු පාටින් මනුස්සයන්ගෙ ලේ. මොකද එයාල වහල් බව නිසාත් වහල් බවින් මිදීම සදහාත් ගොඩක් එයාලගෙ ලේ වගුරවල තියෙනවා
- කහ පාටින් පෙන්නන්නෙ අප්‍රිකාව තුල ඇති මහා ධනස්කන්ධය. ඒ කියන්නෙ රත්තරන්
- කොල පාටින් අදහස් කරන්නෙ අප්‍රිකානු රටවල තියෙන ගස් කොලන් සහ සශ්‍රීකත්වයයි.
- කළු පාටින් කළු ජාතිකයන් පිලිබිඹු කරනව
රස්තෆාරියානුවන්ගේ ආහාර මොනවද?
රස්තෆාරියානුවන්ගේ කෑම වට්ටෝරුව සෑම විටම ශරීර සෞඛ්‍යයට හිතකර ස්වාභාවික ආහාර වලින් සමන්විත අතර ඔවුන් සම්පූර්ණයෙන්ම නිර්මාංශක වනවා. ඔවුන්ගේ ප්‍රදාන ආහාරය වන්නේ එළවළු සහ පළතුරු වේ.
රස්තෆාරියානු ඇදහීම කුමක්ද?
රස්තෆාරියානු ඇදහීමට අනුව ඔවුන්ගේ ශරීරය පූජනීය ස්ථානයක් වේ.ඔවුන් එය කිසිම ආකරයකින් විච්ඡේදනයක් (ශරීරය කැපීම) සිදුනොකරයි. ශරීරයේ ඇති කිසියම් අංගයක් ඉවත් නොකරයි කෙටියෙන් කිවහොත් කොන්ඩය හෝ රැවුල කැපීමක්වත් සිදුනොකරයි. උදාහරණයක් ගත්කළ ලෝක ප්‍රසිද්ධ රෙගේ ගායක බොබ්මාලේ මියගොස් ඇත්තේ පාදයේ හටගත් පිළිකාවක් හේතුවෙන්. ඒත් ඔහු පිළිකාව පිලිබඳ දැනගෙන සිටි අතර ඔහු රස්තෆාරියානු දහම තදින් වැළදගෙන සිටි නිසා පිළිකාව ඉවත් කිරීම සදහා ශල්‍යකර්මයක් සිදු නොකල අතර ඔහුගේ අවසාන කාලයේදී රීටා මාලි (ඔහුගේ බිරිඳ) විසින් ඔහුව ක්‍රිස්තියානුවෙකු කිරීමට ලොකු උත්සහයක් දරනව ඒ උත්සහය දරන්නේ ඇයට කිසිදු වාසියක් තකා නොව රස්තෆාරියානු දහමෙන් මිදී ශල්‍යකර්මයක් සදහා බොබ්මාලේ කැමති කරවාගෙන ඔහුගේ ජීවිතය බේරාගැනීමට දරන අහිංසක උත්සහයක් එම ශල්‍යකර්මය සිදු කලේ නම් ඔහු අදටත් ජීවතුන් අතර සිටීමට බොහෝදුරට ඉඩකඩ තිබුනි. ගංජා පානයෙන් දෙවියන්ට ලංවීමට හැකිබව ඔවුන් විශ්වාස කරයි.
ඔවුන්ගේ භාෂාව කුමක්ද?
ඔවුන්ගේ භාෂාව ජැමෙයිකානු භාෂාවක් වන ක්‍රියෝල් බසෙහි අතු රිකිල්ලක් ලෙස හදුන්වන්න පුලුවන්.එහි නාමය වෙන්නෙ ලයරික් (Lyaric). නමුත් මොවුන් ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි කරනව.හැබැයි ජැමෙයිකාවේ සිට රැගෙන එන ලද අප්‍රිකානු වහලුන් විසින් ඉගෙනගෙන සංවර්ධනය කරගෙන සහ වෙනස් කිරීම් සිදු කිරීමෙන් පසු සකස් වුන භාෂාවක් ලෙස මෙය හැදින්විය හැකිය.
- සූස්තිකාරයා