ජාති හෝ ආගම්වාදය ට සොබාදහම සුරකිය හැකිද?

ජාති හෝ ආගම්වාදය ට සොබාදහම සුරකිය හැකිද?

සොබාදහමි සමිබන්ධව හා එහි ආරමිබය හා විකාශය සමිබන්ධව මිනිසා තුල කුතුහලය ඇති වූයේ අද ඊයේ නොවි. එම නිසා එය සමිබනධව විවධ මත සිය දහස්ගණනක් මෙිවන විට පලවි ඇත. සොබාදහම දෙවියන්ගේ මැවීමක්නමි පරිසර ප්රශ්නයද දෙවියන් විසින් විසදනු ඇතයි ඇතමන් තව දුරටත් විශ්වාස කරතිග තම තමන්ගේ වීශ්වාසයන් හෝ ඇදහිලි තමතමන් සිතලග තිබෙින තාක් එය පොදුසමාජයට හො සොබාදහමට බරපතල ප්රශ්නයක් නොවෙි .

නමුත් එය ක්රීයාත්මක තලයේ ඍජුව ගැටෙන්නේ සෙබාදහමෙි හා සමාජයේ සංඝටක සමගය එම නිසා පරිසරය හා පරිසර ප්රශ්ණය සමබන්ධව විඥානවාදි අදහසින් බැහාරව බෙෘතික තලයේ සිතීමෙි හා ක්රීයාකිරීමෙි වැදගත් කම හා උවමනාව පිළිබද සටහනක් තැබීම අද දවසේ ඉතාමත් වටිනා දෙයක් ලෙස මා සිතමි .

පෙර කාලයේදී ඇතමුන්ට ගංවතුරක් නාය යෑමි හො ගිනි කදු පුපුරායාම අවබෝධ කරගැනීමට තීබූ අපහසුව නිසා ඔහුන් ඒවා දෙවියන්ට බාරදී සිටියේයග ලංකාවෙි නමි පොල්ගෙඩියක් දෙවියන්ට බාරකලේය හින්දු සමාජයේ පුද පුජා පැවැත්වූ අතර අනිකුත් ආගමි හා සමාජ වල එලෙසින්ම සමාන දේවල් සිදුකෙරීණ.

නමුත් මානව චින්තනයේ දියුණුවත් සමගම මිනිසා සොබාදහමෙි යමි යමි කාරණා අවබෝධ කරගත්තද අද වන විටත් මෙිවන් දේ සිදුවෙමින් පවතිග මානව සමාජයේ සංකෘතික ගූණාංහැරේන්නට රජයන් විසින් සිදුකරණ තක්කඩිකමි වසා දමන්නට හෝ සබෑ අරගලයන් යටපත් කිරීමටත් එය එලෙස සිදුවන්නට හැකියග

ත්සාබාදහම සමිබන්ධ විෂ්වීය තෙරුමි ගැනීමනමි ගස් වැල් , සතා සිවි පාවා, ඇල දෙළ අයිති කිසිදු ආගමකට හෝ ජාතියකට නොවෙිග එවා අයිති සොබාදහමට බවය ගගසක් නිෂ්පාදනය කරන් ඔක්සිජන් වාතය බෙිදාදෙන්නේ ජාති හෝ ආගමිවදයත් පංති සමාජයත් නොසලකමිනි. සෝබාදහමෙි සෑම අංගයක්ම එලෙසයග බෝගහ බෙෘද්ධයන්ගේ හෝ කෙසෙල් ගස හින්දූන්ගේ නොව ඒවා ඔහුනොවුන්ගේ සංකෘතික ලක්ෂණයන් පමණයි .

එක් සත්ත්ව කොට්ඨාසයකින් හෝ ශාක විශේෂයකින් පරිසර තුලනය කළ නොහැකි සේම එක් ජනවර්ගයකින් සමාජය තුලනය කළ නොහැක එමනිසා ජෛව විවිධත්වය පිළිගන්නේ නම් එය ආරක්ෂා විය යුතු බව අදහන්නේ නම් සමාජයේ ජනවර්ගවල විවිධත්වය ද පිළිගත යුතුය. ජනවර්ග විවිධත්වය නිසා ඔවුනොවුන් අරගල කර ගැනීමෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හෝ පරිසර විනාශය වැළැක්වීම කළ නොහැකියග එමනිසා අප විරුද්ධ විය යුත්තේ අප අසල සිටින මුස්ලිම්ල ,දමිළ හෝ අනෙකුත් ජනයාට එරෙහිව නොවේග එසේ එරෙහි වීමෙන් සිදුවන්නේ පරිසරය නසන සංහාරකයා අප සියල්ලම විනාශ කරමින් රටේ පරිසර සම්පතත් විනාශ කිරීමය.

අනෙක් අතින් අප තෙරුමි ගත යුත්තේ පරිසර ප්රශ්නය යනු පරිසරයේ ප්රශ්නයක් නොවන බවයිග එය මෙම සමාජ ආර්ථික දේශපාලන සංදර්බයේ ගැටඨ වල ප්රතිපලයකි . එසේනමි අප පිළිතුරු සෙවිය යුත්තේ අප ජිවත් වන සමාජයේ දියත්වන අර්බුද කාරි ආර්ථික දේශපාලන හා සමාජප්රශ්නයට පිළිතුරක් මිස වෙන කිසිවක් නොවෙ.

පවතින හා පැවති සැම ආණ්ඩුවක්ම සමපත් සුරා කැම හෝ සූරාකෑමට වෙනත් අයට ඉඩදීම යන්න සමාජයේ ප්රශ්න කාරී ස්භාවයක් ලෙස පැන නගින සෑම මොහොතකම එම පරිසරික අර්බුදය ජාතිවාදී හෝ ආගමිවාදී තැන්වල ගැටගසන ලදී. උදා විල්පත්තු වන නිනාශය සමබන්ධ ගැටළු ව නිර්මාණය වුයේ ජාතික හෙෘතික සැළස්ම ක්රියාත්මත කිරීම සදහා ඉඩමි ලබාගැනීමත් කැලෑ එළි කිරීමත් නිසායග නමුත් රජයට එන විරෝධය වලක්වා ලීම සදහා එය මුස්ලිමි ප්රශ්නයක් බවට පරිවර්ථනය කරන ලදී. මහින්ද රාජපක්ෂ ආණුඩුවත්ල මෛත්රීගේ ආණඩුවත් දෙකම සිදුකලේ මෙම ක්රීයාවමයග මෙය එක් නිදසුනක් පමණිග මෙවන් නිදසුන් සියය ගණනක් ඇතුව මෙන්ම අප මෙය තෙරුමිගන්නා තාක්කල් එවන දේ ඇතිවිය හැකිය.

තවත් එක් උදාහරණයක් ගතහොත් ලංකාවෙි වකුගඩු රෝගයට හේතුව අබිරහස්ක් හෝ නාථදෙවියන් කෝප වීමක් නොවන බව වඩා පැහැදීලිය ගලෝක සෙෘක්ය සංවිධානය 2010 වසරේ සිය පර්යේෂණ නියාමනයන් වල එය වඩා පැහැදිලිව පෙන්වා දී ඇත . බැරලෝහ ජලයට මුසුවූයේ කුඔුරු හා ගොවිතැන් වලට යෙදූ වස වලිනිග එය දේව ශාපයක් නොවනවා සේම සහල් වල ආසනික් ඇති බවට පර්යේෂන තහවුරු කරනු ලැබුවෙි නථ දෙවියන්ගේ කෙරුවාවක ප්රතිපලයක් වශයෙන්ද නොව.

නමුත් එය නථදෙවියන්ගේ හාස්කමක් ලෙෂ හුවා දැක්වු විශ්ව විද්යාල මාහාචාර්්ය වරුත් ල රතන හාමුදුරුවන් වැනි තවත් පිරිසුත් වකුගඩු රෝගය නිසා මිනිසුන් මැරි මැරී යනවත් සමගම රජරටින් නැගෙන්නට පටන් ගත් ආණ්ඩු විරෝධය යටපත් කලේ සිනීගම දේවාලයේ පොල් ගැසීමෙනිග ඔහුන් පවා එය හොදින් දැනුවත් වී සිදුකල එකකිග තවමත් රජරට වකුගඩු රෝගය එලෙසමයග නමුත් ජනතා විරෝධය යටපත්ව ගොස් රජයන්ගේ හා කොමිපැණි කරුවන්ගේ අවශ්යතාව ඉටුවී ඇත.

මෙලෙස ලංකාවෙි පරිසර විනාශයට හා එම ප්රශ්ණ නෙමග යැවීමට ලංකාවෙි ඇතැමි පරිසරවෙීදීන් හා පරිසර සංවිධානද වගකිවයුතුයග පරිසර ප්රශ්නයේ අයිතිකරුවන් මෙි වන විට බිහි වී ඇත. ලංකාවේ පරිසර සංවිධාන 6000කට අධික ප්රමාණයක් තිබෙිග මේ පරිසර සංවිධාන අතර බහුතරයක් විදේශ ආධාරවලින් යැපෙන ඒවාය ගඒ සමිබන්ධව අපට ගැටළුවක් නැතල මක් නිසාද යත් ඔහුන්ද මූලික අවශ්යතා සපුරාගන ජීවත්විය යුතු නිසාය. නමුත් සොබාදහම හා එහි ගැටළු තමන්ගේ ආදායමි මාර්ගය කර ගන්නවා සේම පෙරළා ඔහුන් සොබාදහමට යමක් කල යුතුයග නමුත් තම වගකීම පැහර හරන් ලද හා පරිසර ප්රශ්නය අවුල් කිරීමෙි වගකීම රටෙි ඇතමි පරිසර සංවිධාන බාරගත යුතුය.

ඇතැමි විට ඔවුන් පරිසරය වෙනුවෙන් සටන්වදිනවා කියන ප්රවෘත්තිය මවනවා හැරෙන්නට ඇත්ත ජනතා සටන අකමැතියග ඇතමි ජයග්රහණ වල අයිතිය පවා බොහෝ අවස්ථාවල ජනතාවගෙන් උදුරාගන ඇති ඇතර එහි ප්රතිපලය නැවත ජනතාව කිසිදු අරගලයකට සහභාගී නොවීමයිග මෙිහිදී අපහට උදා හරණ සමුහයක් ඇත නමුත් ඒවා කීමට පෙර මෙම ලිපිය මගින් තවත් එක් වරක් අප උත්සහයක යෙදී සියල්ල පරිසරය වෙනුවෙන් එක් සටන් මගකට ගැනීමට උත්සහ කරමි.

එමෙන්ම අප පූද්ගලිකව අත්විදි කාරණයනමි පරිසර අධිකාරියට අමතරව පරිසරවෙීදීන්ගේද අධිකාරයක් ඇතග නව මිනිසෙකු ශේෂ්ත්රයට බිහිවිම ප්රසන්සා සහගත විය යුතුය නමුත් සිදුවන්නේ කුමන හො ක්රමයක්න් පරිසර ශේෂ්ත්රයට පැමිනෙන ආධුණිකයින් පයට පගා වීනාශ කිරිමට දරණ උත්සහයන්යග වසනාවකට තවමත් තරුණ සත්වවෙිදීන්ගේ සංගමය වැනි ඒවා පොදු ඉඩ කඩ මිනිසුන්ට සොබාදහම ගැන ඉගන ගැනීමට ඉතුරු කර ඇත.

එම නිසා ලංකාවෙි පරිසරය සංරක්ෂණයේ අනාගතය ගැන අප හිතනවානමි අප එි සදහා කැප කිරීමි කල යුතුවනවා සේම නව පරපුරක් බිහිවීමට අවශ්ය ආදරණිය මාවතක් ඔහුන් වෙනුවෙන් සකස්කල යුතුය.

අනෙක් අතින් පරිසර ප්රශ්නයද එලෙසයල පරිසර ප්රශ්නය හෝ එහි ඉගැන්වීමි අපි ජාතියකට හො ආගමකට කොටුකල විට සැම දිනම තාවකාලික ජයග්රහණයක් හා සදාකාලික පරාජයක් මෙි මහපොළවට අත්වීම වලකාලිය නොහැකිය.

ජාතිවාදීන් ලෙස හෝ ආගමි වාදීන් ලෙස මැදිහත් වීමෙන් මෙරට පරිසර ප්රශ්නය විසඳිය හැකිද ? ජෛව විවිධත්වය තුළින් පරිසරය පොහොසත් කරන බව අප කාටත් කියා දිය යුතු නැතග නමුත් එය හොඳටම දන්නා මිනිසුන් පවා සමාජයේ විවිධත්වයට පහර එල්ල කරතිග ඵරිසර ප්රශ්නය ආගමි වලට කොටු කරති.

සොබාදහමෙි සියලු සංඝටක මකුළු දැලක්සේ එකින් එකට බැදී ඇතගඑක් සංඝටකයක විනාශයක් අනෙකට කෙසේ හෝ බලපාණු ලබයිග උදාහරණයක් ලෙස මී මැස්සන් වදවීයාම ආහර නිෂ්පාදනයට බලපාන්නසෛ් එය නිමක් නැති බලපෑමිවලින් පූර්ණවෙිග එලෙසම සමාජයේ ජාති හො ආගමිවාදී ප්රශ්නයද පරිසර සංරක්ෂණය කරනවා විණා වෙනත් විවිධ ගැටළු රාශියක ආරමිබයක් වෙි.

මෙරට විශාලම පරිසර ඝාතනය සිදුවූයේ වසර 30 පැවති යුද්ධයෙන්යග ඵරිසරයට ආදරය කරනවානමි සමස්ථ පරිසරයේ සෑම අංගයක්ම විනාශ කරන යුද්ධයන් ඇති වීම වැලැක්විමටකටයුතු කල යුතුය ගසිංහළයාට ලදෙමළාටල මුසල්මානුවාට මහ පොළව ආරක්ෂා කිරිම ගැන නැවත ඉගැන්විය යුතුසේම ඔහුන්ට පරිසරය විනාශය වෙනුවෙන් හෝ ජනසමාජයේ අසාධාරණයන්ට එරෙහි වීමට තිබෙින ඉඩකඩ ජාති ආගමි වාදී බැමි මගින් අප අහුරාලිය යුතු නොවෙි .අප සමාජය හො පරිසර සංවිධාන මෙි සියල්ල තෙරුමි ගන්නා තාක්කල් සහ ඇතැමි කූට ව්යාපෘති ක්රියාත්මක වීමට ඉඩදෙන තාක්කල් අප රටෙිහි පරිසර වීනාශය අපට වලක්වා ගත නොහැකිය.

එම නිසා දීර්ඝ සටහන තවත් වසරකට කල් දමමින් මෙම කෙටි සටහන තැබුවෙි මෙරට මහපොළව හා සොබාදම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සයලුදේනාගේම එක්වීමේ අවශයතාව පෙන්වාදීමටත් ලපරිසර බෙිරාගැනීමෙි අරගලය වඩා යහපත් තැනකය ගැනීමටයග කිසිවෙකු මෙව පුද්ගලික ගැටළුවක් බවට පත්කර නොගන්නග සැබෑ ජනතා ජයග්රහණය වෙනුවෙන් අප පෙළගැසෙමු.

රවින්ද්‍ර කාරියවසම්

Environment Lifestyle Religious