වයස 12 ට වැඩි දරුවන්ට එන්නත ලැබෙනවාද ?

වයස 12 ට වැඩි දරුවන්ට එන්නත ලැබෙනවාද ?

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම වර්තමානය වන විට අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙය තීරණාත්මක සාධනයක් වන බව අපි දනිමු.

වයස 12 ට වැඩි දරුවන්ට අදියර තුනක් යටතේ එන්නත්කරණය සිදු කිරීමට සූදානම් කර ඇති බව වෛද්‍ය සුරන්ත පෙරේරා පවසයි.

ඒ අනුව පළවෙනි අදියරයේ දී විශේෂ අවශ්‍යතා සහ යම් යම් රෝගාබාධ වලින් පෙළෙන දරුවන්ට එන්නත ලබා දීමටත් දෙවැනි අවස්ථාවේදී අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ටත් සියලුම දෙනාගේ එකගතාවය මත සෙසු වයස 12 ට අඩු සියලුම දරුවන්ට තුන්වෙනි අවධියේදී එන්නත ලබා දීමටත් සැලසුම් කර ඇතැයි ඔහු තවදුරටත් පවසයි.

වයස 12 ට වැඩි දරුවන්ට එන්නත ලබාදීම පිළිබඳ අවසාන තීරණය සැප්තැම්බර් 13 වන දින ලබාදෙනු ඇති බව ද බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Health & Beauty Local NEWS