පාස්කු ප්‍රහාරය හා ජී20 අන්තර්  ආගමික සමුළුව

පාස්කු ප්‍රහාරය හා ජී20 අන්තර් ආගමික සමුළුව

ඊයේ (12) දින මෙරට අගමැති මහින්ද රාජපක්ෂ විසින් ජී20 අන්තර් ආගමික සමුළුව අමතන්නට යෙදිණි. එම සමුළුව අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කරන අන්තවාදී මතවාද හා බැඳුණු ප්‍රචණ්ඩත්වය වර්තමාන ලෝකය මුහුණ දෙන බරපතළ අභියෝගයක් බවට හඳුනාගෙන තිබෙන බව ප්‍රකාශ කිරීම ඉතා වැදගත් කාරණයකි.

අහිංසක ශ්‍රී ලාංකිකයන් ඒ පවා අත්විඳි බවත් පාස්කු ප්‍රහාරය එවැන්නක් බවත් ප්‍රකාශ කිරීමක් සිදුු වූ නමුත් රජයක් ලෙස ඒ පිලිබදව ගත් පියවර පිලිබදව ප්‍රකාශයක් වූවානම් තවත් වටිනාකමක් එකතු වන්නේය.

ඒ මන්ද යත් සත්‍ය ලෙසම අන්තවාදී මතවාද හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අභියෝගයක් පමණක් නොව පාස්කු ප්‍රහාරය සමග ශ්‍රී ලාංකිකයන් එය අත් විඳින්නට ද වූ බැවිණි.

අගමැතිවරයාගේ ඒ ජී20 අන්තර් ආගමික සමුළුව ඇමතීමට එරෙහිව ශ්‍රී ලාංකික පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් ප්‍රකාශ කර සිටියේය පාස්කු ප්‍රහාරය යටගැසීමට කරනු ලබන ක්‍රියාවන් පිළිබඳව තමන් දැඩි ලෙස විරෝධය පාන බවයි. ඒ කලු කොඩි දරා සිටි විරෝධතාකරුවන්ට ආසන්නයේම තවත් ශ්‍රී ලාංකික පිරිසක් අගමැතිවරයාට සහාය පළ කරමින් ඉහත කී උද්ඝෝෂනයට විරෝධය පළ කරනු දක්නට හැකිවිය.

පසුගිය රජය පෙරලා බලයට පැමිණීමේ දී “පාස්කු ප්‍රහාරය” යන වචනය ඉතා පෙරළිකාර වචනයක් ලෙස භාවිතා කල නමුත් මේ වනවිට ඒ සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිපත්තිය මන්දගාමී බව පුරවැසියන්ට හැඟී ගොස් හමාරය. ඒ අනුව ජී20 අන්තර් ආගමික සමුළුව අගමැති මහින්ද රාජපක්ෂ විසින්ම ඇමැතීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් ලැජ්ජා විය යුතු නොවේද?

සපුමලී බණ්ඩාර

International Local NEWS Political