CPSTL සේවකයින්ගේ අතිකාල කප්පාදුවක් නැහැ..

CPSTL සේවකයින්ගේ අතිකාල කප්පාදුවක් නැහැ..

ගෙවී ගිය සෙනසුරාදා දින CPSTL සමාගම ඉන්ධන බෙදාහැරීම සිදු නොකිරීමෙන් ඉන්ධන හිඟයක් ඇති වන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති දැඩිව කියා සිටියා.

මේ පිළිබඳව සිලෝන් පෙට්ටෝලියම් ස්ටෝරෙජ් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් උවයිස් මහතා වෙතින් විමසීමේදී ප්‍රකාශ කර සිටින ලද්දේ ගෙවී ගිය සති අන්තයේ සෙනසුරාදා බෙදාහරින ඉන්ධන තොගයද සිකුරාදා දින බෙදාහැරීමට කටයුතු කළ බවයි.

එසේම කිසිම අවස්ථාවක අතිකාල කප්පාදුවක් සිදු නොකරන ලද බවත් පාලනාධිකාරිය විසින් වරින් වර පවත්වන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස හා මාස හතරක පමණ කාලයක සිට සමාගම පාඩු ලබන බැවින් ද මෙම තීරණය ගැනීමට සිදු වූ බව ද ප්‍රකාශ කරන ලදි. එසේම එමගින් ඉතුරු වන මුදල් දෙසැම්බර් මාසයේ ලබාදෙන බෝනස් දීමනාව ලබාදීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ගෙවී ගිය සෙනසුරාදා බෙදාහරින ඉන්ධන සිකුරාදා බෙදාහැරීම සමාගමේ සේවක සේවිකාවන්ගේ යහපත උදෙසාම ගත් තීරණයක් බවත් වැඩිදුරටත් පවසා සිටී.

Biz and Economy Local NEWS