මානව හිමිකම් කවුන්සලයේ 48 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අතර බාහිර පාර්ශවයන්ට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අවස්ථා උදාකර දීම මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ අවධානය යොමු වී ඇති විශේෂිත කාරණයකි.
මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව ජී එල් පීරිස් පවසයි.
කෙසේ නමුත් මානව හිමිකම් කවුන්සිලයේ මධ්‍ය කණ්ඩායම් යෝජනා කර සිටින්නේ 46/1 යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසත් සිවිල් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රියාකාරීන්ට සිදුවන බියවැද්දීම් ආදිය සම්බන්ධයෙන් තමන්ට වාර්තා වන බවත්ය. එබැවින් සිවිල් ක්‍රියාකාරීන්ට නිදහස් අවකාශයක් තුළ කටයුතු කිරීමට ඉඩ සලසා දෙන ලෙසත් 46/1 යෝජනාවට උපරිම සහය දෙන ලෙසත් ශ්‍රී ලංකාවෙන් මධ්‍ය කණ්ඩායම ඉල්ලා සිටියි .
