සුදුලූණු වංචාවක් ???

සුදුලූණු වංචාවක් ???

වරාය අධිකාරියෙන් මුදා ගන්නා ලද සුදු ලූනු බහාලුම් සතොස හරහා මහජනතාවට ලබාදීමට තීරණය කර තිබියදී එයින් බහලුම් දෙකක් ලංකා සතොසට ලබාදෙන මුවාවෙන් පිටස්තර පාර්ශවයකට පිට කර ඇති බවට එම සුදුලූනු ගෙන්වන ලද ලංකා සමාගමේ නීතිඥවරයා සීඅයිඩිය වෙත පැමිණිල්ලක් කර ඇත.

පාරිභෝගික අධිකාරියෙන් කිහිප වරක් මේ පිළිබඳව වැටලීම් කරන ලද බවත් බහාලුම් දෙකක් පිට කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම බහාලුම් සීදූව ප්‍රදේශයේ ගබඩාවක තිබී පොලීසිය සොයාගෙන ඇති බවත් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක පවසයි.

සතොස පාලන අධිකාරිය පවසා සිටිනුයේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර දැනට හතරදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් සම්පූර්ණ වාර්තාව ලද පසුව සෙසු සියලූම වගකිවයුතු අය පිළිබඳව ද තීරණයක් ගන්නා බවයි.

Law & Order Local NEWS