අද (8) උදෑසන ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉදිරිපිට වරාය, තෙල් හා විදුලි වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාවක නිරත විය. එහිදි තෙල්, වරාය හා විදුලියට සම්බන්ධ දේශීය සම්පත් විදේශයන්ට විකිණීමට මෙම රජය විසින් සිදු කරන කටයුතු වලට එරෙහිව ජනතාව දැනුවත් කිරීමක් ද සිදුවිය.
දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් බෙදා හරිමින් වෘත්තීය සමිති මෙන්ම මහජනතාවද මෙම ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහි විය යුතු බවට එම ඒකාබද්ද සන්ධානය එහිදි තවදුරටත් අවධාරණය කරන ලදි.