දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්.

දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අධිකරණයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ දුමින්ද සිල්වාට ජුනි 24 දින ජනාධිපති විසින් සමාව ලබා දී නිදහස් කිරීම තුලින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙත්සම් දෙකක් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත ඉදිරිපක් කර ඇත. මෙම පෙත්සම් දෙක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිද සුමනා ප්‍රේමචන්ද්‍ර විසින් ද දයණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින්ද ජුලි 22 හා 21 යන දිනවල ගොනු කර ඇත.

මෙම පෙත්ස⁣මේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, දුමින්ද සිල්වා, අධිකරණ ඇමතිවරයා, නීතීඥ සංගමයේ ලේකම් හා සභාපති නම් කර ඇත.

Human Rights Local NEWS