අත්අඩංගුවේදී මුස්ලිම් තරුණයාගේ මිය යාම පිලිබදව මානව හිමිකම් පරීක්ෂණයක්.

අත්අඩංගුවේදී මුස්ලිම් තරුණයාගේ මිය යාම පිලිබදව මානව හිමිකම් පරීක්ෂණයක්.

 මෙම මියගිය මුස්ලිම් තරුණයා ඇතුළු තවත් දෙදෙනකු 2021 ඔක්තෝබර් 1 වැනිදා මන්නාරම පොලීසිය විසින් එරුකලම්පිට්ටු පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේදී මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔක්තෝබර් 2 වන දින පාන්දර එම තරුණයා මන්නාරම රෝහලට ඇතුලත් කරන ලද පසුව ඔහු මිය ගොස් ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව දින සිදුවූ මෙම මරණය සැක සහිත බවටත් පොලිසියේ දී කල පහරදීමකින් තරුණයා මිය යන්නට ඇතැයිද මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයට පැමිනිල්ලක් යොමු වී ඇත.

ඒ අනුව එම තරුණයාගේ මරණයට හේතුව පහර දීමක්ද යන්නත් අනුව මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක් සිදුවීතිබේද යන්නත් පිලිබදව විමර්ෂණ කටයුතු ආරම්භ කරමින් අත්අඩංගුවට ගැනීම සිදුකල මන්නාරම පොලිස්ථානයේ ස්ථානාධිපතිගෙන් මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරී ටී. කනගරාජ් පවසයි.

Human Rights Local NEWS