තෙල් සංස්ථාව් භූගත ඉන්ධන නළ මාර්ගයේ ටෙන්ඩරයට ඇමතිගෙන් බලපෑම්

තෙල් සංස්ථාව් භූගත ඉන්ධන නළ මාර්ගයේ ටෙන්ඩරයට ඇමතිගෙන් බලපෑම්

ඛනිජ තෙල් සංස්ථාව හා තොග පර්යන්ත සමාගම එක්ව රට හරහා නල එලීමේ ව්‍යාපෘතියක් මේ වන විට යෝජනා කර ඇත. එම ව්‍යාපෘතිය මගින් තෙල් බෙදා හැරීම කඩිනම් කිරීම අරමුණු කර ඇති අතර ඒ ආශ්‍රිත ආර්ථික ලාභ හිමිකර ගැනීමට කටයුතු කරනු ඇත.

මෙම රට හරහා නළ යෙදීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවන ලද නමුත් ටෙන්කඩර්කරුවන් අවශ්‍ය සාධන මට්ටමේ නොසිටි බැවින් මෙම ටෙන්ඩරය අවලංගු කරන ලදී. ඉන්පසුව තොග පර්යන්ත සමාගමේ ඉංජිනේරු කාර්යාංශය විසින් මෙම ව්‍යාපෘතිය කිරීමට යෝජනා කරන ලද නමුත් මේ වන විට වෙනත් ටෙන්ඩර් කරුවකුට එම ව්‍යාපෘතිය ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඔල්ගා මහත්මිය හා ඇමැති උදය ගම්මන්පිල බලපෑම් කරමින් සිටින බවට වාර්තා වී ඇත.

එම ටෙන්ඩරය කඩිනම් කිරීමට බලපෑම් කරමින් අමාත්‍යවරයා සිදු කරනු ලබන අනිසි බලපෑම හේතුවෙන් ඉංජිනේරු කාර්යාංශය රටට ඉතිරිකිරීමට ගිය බිලියන පහක හයක අලාභයක් සිදු විය හැකි බව තෙල් සේවකයින් කියා සිටියි. එසේම බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය හා ඇමතිවරයා ඒ සඳහා යම් කොමිස් මුදලක් ලබාගෙන ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇති බවද තෙල් සේවකයන් පවසයි.

Local NEWS Political