හරීන් ප්‍රනාන්දු නන්දෙගේ ඔඩොක්කුවට පැන්නා කියන ආරංචිය ආවම මට මතක් උනා පරණ සිද්ධියක්….

හරීන් ප්‍රනාන්දු නන්දෙගේ ඔඩොක්කුවට පැන්නා කියන ආරංචිය ආවම මට මතක් උනා පරණ සිද්ධියක්….

2014 අවුරුද්දේ මැද වගේ තිබුණා ඌව පලාත් සභා ඡන්දේ…
එවකට මහ ඇමති පුටුවේ හිටියේ ශෂීන්ද්‍ර රාජපක්ෂ…මහින්දගේ ඥාති පුත්‍රයා…
එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයට ආවේ ආණ්ඩු බලය , ජනාධිපතිවරයාගේ ඥාති පුත්‍රයාගේ නායකත්වය , යුධ ජයග්‍රහණය ඔය ඔක්කොම වාසි ටික අතේ තියාගෙන…
ජනතා විමුක්ති පෙරමුණෙන් මහ ඇමති අපේක්ෂකයා හැටියට දැම්මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරයා…
ඒ වෙනකොට ඔහු පැවති මහ මැතිවරණයෙන් පැරදිලා ගෙදර හිටියේ…
එතකොට ජවිපෙට පලාත් සභාවේ තිබුනේ එක සීට් එකයි…සුදත් බලගල්ල සහෝදරයා ඒක නියෝජනය කලා…
යූඇන්පී එකෙන් දැම්මා ගම්පහින් උස්සගෙන ඇවිල්ලා බදුල්ලට අතෑරපු හරීන් ප්‍රනාන්දු…
සමන්ත ඒ වෙනකොට උමා ඔය සටනට නායකත්වය දෙමින් ප්‍රදේශයේ බොහොම ජනප්‍රිය තලයක හිටියේ….
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව දූෂණ චෝදනා නිසා ජන ප්‍රසාදය ටිකක් අඩු වුනත් ශක්තිය පවත්වාගෙන යමින් තිබුණා…
හරීන් ආවම එජාපයේ කැම්පේන් එකත් සමග ඔහුත් ප්‍රදේශයේ ඉහල ජනප්‍රියත්වයක් හිමි කරගත්තා…
අන්තිමට ඡන්දේ ඉවර වෙනකොට සන්ධානය දිනලා ….හරීන් ප්‍රමුඛ එජාපය සීට් 15 ක් විතර ගත්තද කොහේද ….හරීන්ටත් සෑහෙන මනාප ගාණක් වැටිලා තිබුනා…ලක්ෂයකට කිට්ටු හෝ ඊට වැඩියෙන්….
ජවිපෙට එක සීට් එකක් වැඩිවුනා…
සමන්ත මනාප විසි දාස් ගාණක් ගත්තා වගේ මතකයි….
බදුල්ලේ මිනිස්සු ඒ වෙලාවේ කිව්වේ සමන්ත හොද මිනිහා තමා මොනවා උනත් දිනන එකාට ඡන්දයක් දෙන්න එපෑ…වගේ කතා…..
හරීන්ලගේ දැවැන්ත කැම්පේන් වලට , හරීන්ලගේ පොෂ් පෙනුමට , හරීන්ලගේ පක්ෂයට මිනිස්සු ඡන්දය දුන්නා…
ගමේ වෙල් කොටලා අත පය රළු වෙලා දුඹුරු හමක් එක්ක අතරින් පතර පැහුණු කෙස් ගස් තියෙන කොට මිනිහෙකුට වඩා කොලඹ සමාජයේ හැදුණු පැහැපත් සමක් ඇති හැඩි දැඩි තරුණයෙකුට ඡන්දය දෙන්න ලාංකීය ගැමියාගේ ප්‍රියතාවයක් එදා අදට වඩා තදින් තිබුණා….
තමුන්ට නැති සැප විදින එකෙක් තමුන්ගේ නායකයා කරගන්න මිසක් තමුන් එක්කම මහ පොලවේ පොරබදන එකෙක් නායකයා කරගන්න අපේ මිනිස්සු ටිකක් මැලියිනේ…
කොහොම හරි යහපාලන ආණ්ඩු පෙරලියත් එක්ක පලාත් සභාවේ ඔලු එහේ මෙහේ කරලා හරීන් මහ ඇමති උනා…
පස්සේ බදුල්ලා දාලා ගම්පහට පැනලා ඇවිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියා…
සමන්ත නම් තාම බදුල්ල දිස්ත්‍රික්කේ පස්සර , වියලුව , වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ , මහියංගනය ඔය හැම ආසනයකම ගං හතේ බඩගාමින් තාම දේශපාලනය සහ සමාජ සේවය කරනවා…
පක්ෂෙ වැඩකටවත් මිනිහව කොලඹට ගේන්න අමාරුයි…
පැරෂුට් එකෙන් බදුල්ලට බැහැලා චිත්‍රපටි පෙන්නලා ඌවේ මහ ඇමති උන හරීන් බදුල්ලේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි මුළු රටේම යූඇන්පී /සජබ පාක්ෂිකයන්ට සරම උස්සලා පස්ස පෙන්නලා අන්න නන්දේ ඉස්සරහා දෙකට නැමිලා පත්වීම් ලිපිය ගත්තා…
මම අහන්නේ උඹලට තව මදිද හැදෙන්න වෙලාව…?

  • පන්සිලු දිනිත්
Local NEWS Political