නික්

නික්


1982දි ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වල දරුවෙක් ඉපදෙනවා..ඒත් ඒ දරුවගෙ අම්මා මේ දරුවා දිහා බලන එක පවා ප්‍රතික්ශේප කරනවා. තමංගෙ බඩින් වදපු දරුවව එපා කියන අම්මලත් ඉන්නවනෙ. හේතුව තමයි උපතින්ම මේ දරුවගෙ අත් දෙකයි,කකුල් දෙකයි නැති වීම..යාන්‍තං එක කකුලක් තියන තැනක කකුල් කෑල්ලක් තිබ්බා කුකුල් අන්ඩක් වගේ..එච්චරයි.හිතලා බලන්න ඒ වගේ දරුවෙක් තමංගෙ ඇස්පනාපිට ඉද්දි අම්මෙක්ට ,තාත්තෙක්ට මොනවගේ කම්පනයක්‍ එන්න ඇතිද කියලා?

කොහොම වෙතත් මේ දරුවගෙ තාත්තා මේ දරුවව බාරගන්නවා..ඔහුට නම තියනවා නිකලස් ජේම්ස් වොයෙජිච් කියලා…පස්සෙ ඔහුට හැමෝම කිවුවෙ නික් කියලා..පුංචි නික්ගෙ ජීවිතේ එච්චර ලස්සන උනේ නෑ..ඒ ඇයි? ඇයි කියන්නෙ හිතල බලන්න ඔබයි,මම පොඩිකාලෙ මුලින්ම බඩගාලා,ඊටපස්සෙ දනගාලා,වැටි වැටි නැගිට්‍ටා..පොඩ්ඩ පොඩ්ඩ ඇවිද්දා,දකින දකින දේ අත් වලින් අල්ලලා බලලා ඉගෙනගත්තා…ඒත් නික්ට දනගාන්න කකුල් දෙකක් තිබ්බෙ නෑ…, දකින දකින දේ අල්ලන්ඩ අත් දෙකක් තිබ්බෙත් නෑ..බඩිගිනි උනහම කරන්න තිබ්බ එකම දේ අර කුරුලු කූඩුවක තටු කෙලිංවෙන්නෙ නැති කුරුලු පැටියෙක් වගේ කවුරුහරි මොනාහරි ගෙනත් කටට ඔබනකං බෙරිහං දෙන්න…..හිතලා බලන්න…,ඇඩෙනවා නේද?

ඒත් වයසින් වැඩෙද්දි නික් නිකං ඉන්නෙ නෑ..ඔහු සවයිව් වෙන්න ට්‍රයි කරනවා..තමන්ට ලබාදුන්න එකම චාන්ස් එක ප්‍රයෝජනයට ගන්න උත්සහ කරනවා,ඒ ඔහුගේ බාගෙට හැදුනු කකුල් කෑල්ල..ඔහුගෙ වචනයෙන්ම කියනවනං “චිකන් ඩ්‍රම්ස්ටික් එක” , ඔහු ඒකෙන් තමංගෙ ඉලෙට්‍රික් රෝදපුටුව ඩ්‍රයිවු කරන්න ඉගෙන ගන්නවා, කම්පියුටර් එකේ වැඩ කරන්න ඉගෙනගන්නවා,මොබයිල් එක යූස් කරන්න හුරු වෙනවා…ඒත් ඒ එකපාරක් දෙපාරක් ට්‍රයි කරලා නෙමේ..දහස් වතාවක් උත්සහ කරලා..නික් කියනවා ඔහුව පෙරලුනහම ආපහු නැගිටින හැටි ඉගෙගන්න ඔහුට දහස් වතාවකට වඩා උත්සහ කරන්න සිද්ධ වුනා කියලා..හිතලා බලන්න ඔබට,මට වුනානං?

සමහර වෙලාවට ඔහුට ජීවත්වීම වදයක් වුනා, ..ඔහු සියදිවි හානිකරගන්න උත්සහ කලා..ඒකත් සාර්තක වුනේ නෑ..බින්දුවටම වැටුනු හවුහරනක් නැති මිනිහෙක්ගෙ අවසන් එකම බලාපොරොත්තුව සියදිවි නසාගැනීම,ඒකවත් කරගන්න බැරිවුන අත පය නැති මිනිහෙක් ,කොච්චර අසරණ වෙනවද?

ඒත් වයස 17වෙද්දි නික් තමංගෙ ජීවිතේ ගැන බොහෝදුරට තේරුම් අරං ඉවරයි…ගොඩක් දේවල් ඉගෙන ගෙනත් ඉවරයි..ඔහු පල්ලියට එන බැතිමතුන්ට කතා කරන්න පටං ගන්නවා ඔහු ගැන,ඔහු ගතකරපු අති දුශ්කර ජීවිතේ ගැන..ඔහු නොමැරි ජීවත් වෙන්නෙ

International Lifestyle