ප්‍රභාකරන්,  ඉන්දියා, තලේබාන් සහ ඇමරිකා

ප්‍රභාකරන්, ඉන්දියා, තලේබාන් සහ ඇමරිකා

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පිහිටුවන්නේ සෝවියට් හිතවාදී නජීබූල්ලා රජය පෙරළා දමා ඇමරිකන් හිතවාදී රජයක් පිහිටුවීම සදහා යී. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජිමී කාටර් රොනල්ඩ් රේගන් රජයන්වල ප්‍රමුඛතාවයෙන් සහ ඊශ්‍රායලයේ පිහිටේනී. ඇමරිකානු සීඅයිඒ සංවිධානය එකල හා b c c i බැංකුව හරහා විශාල මුදල් ප්‍රමාණයක් මූහජඩීං ගරීල්ලන්ට(මෙය අල්කයිඩා සංවිධානයේ කලින් නමයි) ලබාදී ඔවූන්ව පොෂණය කරනලදි. එමෙන්ම පකිස්තානය තුළත් ඇමරිකාව තුළත් ඊජීප්තූව තුලත් මූහජඩීංවරු පුහුණු කරන ලද අතර එවකට පකිස්තානයේ අගමැති සියා උල් හක් අගමැතිවරයායි. සියල්ලන්ම එක පෙළට සිටගත්තේ සෝවියට් හිතවාදී najibullah රජය පෙරළා දැමීම සඳහා යී.

ඇෆ්ගනිස්තානයේ ඇති තෙල් සහ ගෑස් සම්පත ඇමරිකානු හිතවාදී සමාගම් සමූහයට ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළයි. එකල ලෝකයේ බල තුලනයක් තිබුණු අතර සීතල යුද්ධයක් ද තිබුනේ ය. එබැවින් ඇමරිකාවට මේ සඳහා කෙළින්ම ඉදිරිපත් වීමේ අදමෙන් හැකියාවක් තිබූ නේ නැත. නමුත් ඇෆ්ගනිස්ථානයේ ගරිල්ලන් හට ආයුධ සැපයීම රැකවරණය ලබාදීම අනියමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ඇමරිකාව විසින් දිගටම කරගෙන යන ලදී. 1991 කෙන් පසු සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ලෝක බල තුලනය ශූන්‍ය වී ගිය අතර එය ඒකධ්‍රැවීය බල තුලනයක් බවට පත් විය. ඉන් පසු ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැකවරණය යොදාගනිමින් තම කඳවුරේ බලය පෙන්වමින් ඇෆ්ගනිස්තානයේ කටයුතු සඳහා කෙලින්ම මැදිහත් වීම සඳහා කටයුතු සම්පාදනය කර ගන්නා ලදී. මේ අතර මූහජඩීං කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ බලපෑම දිනින් දින වැඩි වූ අතර නජීබූල්ලාගේ පාලන කාලය තුළ සෝවියට් ආධාර ඇතිව රට සංවර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර රටේ ජනතාවගේ දේශමාමකත්වය ගොඩනැඟීම සඳහා විශාල වැඩ කොටසක් කරන ලදී najibullah විසින් දෙන ලද ප්‍රතිසංස්කරණ සියල්ල කැරලිකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී එබැවින් 1991 අප්‍රේල් මස ඔහු විසින් ඉල්ලා අස්වන ලදී. පසුව මොහිදින් කැරලිකරුවන් විසින් 1996 සැප්තැම්බර් මස එල්ලා වෙඩි තබා මරා දමන ලදි. මේ සඳහා පූර්ණ අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකාව විසින් සපයන ලදි. ඉන්පසු අල්කයිඩා සංවිධානය බිහි වූ අතර අද වන විට දිනපතා ඝාතනයන් සිදු වන ජනතාව පීඩාවට පත්වන රටක් හැටියට ෆ්ගනිස්තානය ප්‍රසිද්ධියට පත්ව සිටි. මිනිස්සුන්ගෙ සාක්ෂරතාවය නැංවීම සඳහා සෑහෙන වැඩ කොටසක් නජීබූල්ලා විසින් ඉටු කරන ලදි සියල්ල ඇමරිකාව මැදිහත් වී ආගම්වාදය පතුරවා තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් එම රට හපයක් බවට පත් කර තිබේ. දැන් තියන ඇමරිකානු හිතවත් ආණ්ඩුව ෑස් සහ තෙල් ඇමරිකානු සමාගම් වෙනුවෙන් ප්‍රදානය කරමින් තිබේ.

මේක තමයි අධිරාජ්‍යවාදයේ මුහුණුවර. අධිරාජ්‍යවාදය ඇමරිකානු වුවද බි‍රිතාන්‍ය වුවද ඉන්දියානු වුවද එක සමානය. තම බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා ඔවුන් නොකරනා දෙයක් නැත. ඇමෙරිකාව තමන්ගේ අරමුණ ජයග්‍රහණය කරා මෙහෙය වුවද ඔවුන් විසින් කවා පොවා කිරිදි හදාවඩාගත් ආගම්වාදය ජාතිවාදය ඔවුන්ට පෙරළා පහර දෙන්නේ 1 සැප්තැම්බර් එකොළොස් වැනිදා ටූවිනි ටවර් ප්‍රහාරය අරඹමිනි. ලෝකෙ පුරා රටවල් අතර ඇතිවූ මෙවැනි තත්වයන් සලකා බලන විට ආපසු කැරකීම අරුමයක් නොවේ. මෙම ඓතිහාසික කරුණු ටික මා පෙළගැස්වූයේ අපේ රටට අදාළව ද මෙවැනිම කරුණු සිහියට ආ බැවිනි. අපේ රටේ මෙය සිදුවූයේ වෙනස් ආකාරයකට වුවද හරයෙන් වෙනස් නැත. 1976 දොරේඅප්පා ඝාතනය පටන් ගන්නා අපේ රටේ ත්‍රස්තවාදය දළුලා වැඩෙන්නට බලපාන ප්‍රධාන කාරණාව වන්නේ ේ ආර් ජයවර්ධනගේ ඇමරිකානු ගැති ප්‍රතිපත්තියයි. එය ඉන්දියාව කිසිවිටෙකත් ඉවසුවේ නැත. රාජ තාන්ත්‍රික මට්ටමින් කළ හැකි උපරිම ගනදෙනු ඒ වන විට නිමා වෙමින් තිබුණි. ශ්‍රි ලංකාවේ ඇමරිකානු ගති ප්‍රතිපත්තිය තමන්ගේ රටේ වෙළඳපොළට විශාල බලපෑමක් කරනු ඇතැයි ඉන්දියාව බියකින් පසු විය. ඇමරිකානු ආණ්ඩු වලට ගැති රටවල් ඒ සඳහා යොදාගනු ඇතැයි ඉන්දියාව හුදෙක්ම බිය විය (සිංගප්පූරුව තායිවානය මැලේසියාව දකුණු කොරියාව) වැනි රටවල් තමන්ගේ වෙළෙඳපොළ කොල්ල කනු ඇතැයි ඉන්දියාව බිය විය ඒ වන විට ඉන්දියාව නිවැරදිව තමන්ගේ ගණන් හිලව් හදා නිම කර තිබුණි. ඒ නිසා ලංකාව මට්ටු කිරීම සඳහා ඉන්දියාව සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම පොදු ප්‍රශ්න යක්ව තීබූ විරැකියාව, ඉඩම් නොමැති කම ,අසමාන ලෙස සැලකීම, රජයේ රැකියාවන් සඳහා තමන්ගේ බලයෙන් පත් කිරීම, තම භාෂාවෙන් තම ප්‍රදේශයේ කටුක කරගැනීමට නොහැකිවීම, කුල ප්‍රශ්නය. යන කාරණා මුල් කරගෙන දෙමළ ජනතාව තුළ වෛරය හා ජාතිවාදය පතුරවන ලදී .

එම ප්‍රශ්න ලංකාව පුරාම පොදුවේ හැමෝටම බලපෑ කරුණු වේ. මෙම ප්‍රශ්න විසදීම මුල්කරගෙන එවකට උතූරේ තරුණ පිරිස් විසින් මාක්ස්වාදය මුල්කරගත් සංවිධානත් ජාතිවාදී මුල් කරගත් සංවිධාන රාශියක් බිහිවුණා. අමිර්තලීංගම්ලාගේ පොන්නම්බලම් ලාගේ දේශපාලනයේ ඔවුන් ප්‍රතික්ෂේප කළා. පසුකලෙක ලංකාව පුරාම සිදු වූ ආකාරයම මාක්ස්වාදය යටපත් කරමින් ජාතිවාදය ඉදිරියට පැමිණියා. මාක්ස්වාදී නායකයන් සහ ධනපති පක්ෂ වලට ආවඩන නායකයන්ද ජාතිවාදය විසින් ඝාතනය කරා පළවා හැරියා. මෙම සංවිධාන අතරින් එල්ටීටීඊ සංවිධානය සියල්ලන් අභිබවමින් ඝාතනය කරමින් පලවා හරිමින් ඉදිරියටම පැමිණියා . ඉන්දියාව විසින් එල්ටීටීඊ සංවිධානය සහ තවත් සංවිධාන කීපයක් තෝරා ගෙන න්දියාවේ තෝරාගත් ප්‍රදේශවල පුහුණුවීම් මුදල් ආයුධ එම සංවිධානවලට ලබාදුන් සමහර අය පුහුණුවීම් සඳහා ඊශ්‍රායලයට යැව්වා. එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් කෙලින්ම පෙනී නොසිටිමින් ඉන්දියාව ඔවුන් දෙමළ ජනතාවගේ විමුක්තිකාමීන් ලෙස හඳුන්වා ගත්ත. ඒ සදහා ඔවුන් තෝරා ගත්තේ තමිල්නාඩු ප්‍රාන්තය යි ඉන්පසු ලංකාව තුල යුද්ධය ආරම්භ වුණා ඒ සඳහා ඉන්දියාව මැදිහත් වුණා. මිනිස් ජීවිත නැති වුණා දේපොළ විනාශ වුණා සංහිදියාව නැති වුණා රටකැලි දෙකට කැඩුනා. පත්තු වෙන හැම බෝම්බයක් වෙනුවෙන් පත්වෙන හැම උණ්ඩයක් වෙනුවෙන් රටේ පාලකයන් කොමිස් ගත්තා. යුද්ධයේ ජයග්‍රහණය නියමුවන් රටේ පාලකයන්. ඔවුන් ඇති තරම් මුදල් උපයා ගත්තා ජනතාව රැවැට්ටූවා යුද්ධය නිසා කිසි දෙයක් කරන්න බැහැ කියලා කියූවා. ඒ අතරතුර ඉන්දියාවේ බලපෑම වැඩි කළා උඩින් පරිප්පු දැම්මා ඒ සමගම ආයුධ දැම්මා අපේ වෙරළ තීරය ආක්‍රමණය කළා. ජේ ආර් ජයවර්ධන බිත්තියට හේත්තු කළා අත ඇඹරවා ඉන්දු ලංකා ගිවිසුම ස්ථාපිත කරන්නැයි කිවා. ජේ ආර් ඇමරිකාවේ පිහිට පැතුවා නමුත් අමෙරිකාව ප්‍රතික්ෂේප කළාජේ ආර්ට යන එන මං නැති වුණා මුළු රටම ගිනි ගනිද්දී මිනිසුන් මරා වෙඩිතබා ඝාතනය කර ඉන්දු ලංකා ගිවිසුම් අත්සන්කලා බියගුල්ලන් ගෙවල් වල සැඟව සිටියදී තරුණයන් පාරට බැස්ස රටම ලේ විලක් වූවා තරුණ පරම්පරාව තවත් රටකට අපේ රට යටත් වීම ඉවසුවේ නෑ. සිදූ නොවිය යුතු දේ සිදුවුණා. අදත් එෆ්බී එකේ 88 89 ගැන කතා කරන අය මේ ගැන දන්නේ නෑ. ඇත්තටම අපේ ලේ කැකෑරෙමින් තිබුනා එම මොහොතේ. අපි ඉවසුවේ නෑ අපේ රට තවත් රටකට යටත් කරනවා ට. ඒ කාලේ ඉන්දියාව කියපු කතාවක් තියෙනවා.

අපි ඉන්දියන් සාගරයේ දකුණු කලාපයේ සුපිරිම බලවතා. අමරිකාවට ඒ මොහොතේ අපිට වැඩිය ඉන්දියාව වටිනවා. රජිව් ගාන්ධි න්දු ලංකා ගිවිසුම ගහන්න කලින් ප්‍රභාකරන්ට ඉන්දියාවට එන්නැයි ආරාධනා කළා. (නිල මට්ටමෙන් නොවේ) නමුත් ප්‍රභාකරන් ඉන්දියාවට ගියේ නෑ ්‍රභාකරන් දැනසිටියා ඉන්දියාවට ගියා නං ඔහුට ආපහු වෙන්නේ නැති බව. ගිවිසුම් ගහලා රට ඉන්දියාවට පාවා දීල ඉන්දියාව ඉස්සරහා දණ ගහලා ඉන්දියන් හමුදාවට අපේ රට යටත් කර පාලකයෝ තමන්ගෙ ඇඟ බේර ගත්තා. අර ලොකු වචනයක් තියෙන්නෙ භෞමික අඛණ්ඩතාවය කියලා එකත් කුඩු වෙලා ගියා. මේ කරුණ මේ විදියටම සිද්ධ වෙන බව රෝහණ විජේවීර සහෝදරයා ඒ වෙනුවෙන් පන්තියක් නිර්මාණය කරමින් ම රටට හඳුන්වලා දුන් නා. මේ වෙද්දි ඉන්දියාව තමන්ව පාලනය කරන එකෙන් මිදෙන්න එල්ටීටීඊ එක ලොකු උත්සාහයක් ගත්තා. මේ වන විට ඊශ්‍රාලයේ සම්බන්ධකම් ගොඩනඟාගෙන එල්ටීටීය ඉන්දියාව අතහැරියා. (එහි අභ්‍යන්තරය කුමන්ත්‍රණයක් තියෙනවා ඇමරිකාවත් සමඟ) 1991 මැයි මාසය විසිඑක්වෙනිදින රජිව් ගාන්ධි ඝාතනය ඉන්දියාව අපේ රට ආක්‍රමණය කරපු එකේ පලිය ගත්තා කියලා තමයි ප්‍රභාකරන් කියන්නේ. හැබැයි ඒ වෙනකොට ඉන්දියාව අපේ පාලකයෝ පූස් පැටව් තරමට හීලෑ කරගෙන ඉවරයි. හොඳම උදාහරණය තමයි ඔබ බලන්න ඡන්දයකින් කවුරු දින්නත් ඉස්සල්ලම යනිනේ ඉන්දියාවට. ගිහිල්ලා සපථ කරලා එනවා අපි උඹ කියන විදියට නටන්න සූදානම් කියලා. නැත්තම් අනිවාර්යෙන් ඔහුව පාලනයෙන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කරන වා ඒ හැකියාව ඉන්දියාවට අදත් තියේනවා ඔය fb එකේ ලොකු ටෝක් දෙන්න නංගිලාට මල්ලිලාට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි තමයි නමුත් ඇත්ත ඒක. 1991 සෝවියට් සංගමයේ වෙනස්වීම අපේ රටට බලපාන්නෙත් මෙන්න මේ කාරණාත් එක්ක. ඒ වන විට ඉන්දියාව සෝවියට් සංගමය අතහැර ඇමරිකාවේ පිළිසරණ පතන්න පෙළබූනා. තත්ත්වය සීග්‍රයෙන් වෙනස් වූනා නමූත් යුද්ධය පැවතුණ. ත්‍රස්තවාදයේන් මුළු ලෝකයම බැට කමින් සිටිය.බහූතරයක් රටවල කුමන හෝ ත්‍රස්තවාදයක් තිබුණා. මුළු ලෝකයේම මිලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරමින් පැවතුනා. මේ අතරතුර 2008 සැප්තැම්බර් මාසයේ 20 වනදින pakistan marriott හෝටලයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරනවා. ලෝක නායකයින් ට සිද්ද වෙනවා ත්‍රස්තවාදය වෙනුවෙන් පෙළ ගැහෙන්න.

ඉතා වේගයෙන් ත්‍රස්තවාදය වෙනුවෙන් ලෝකයේ පෙළගැස්ම ත්‍රිවර වුණා. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ලෝකයේ අනෙකුත් රටවල් ලෝකෙන් කොන් වූනා. ත්‍රස්තවාදය ලෝකයෙන් මුලිනුපුටා දැමිය යුතු යැයි හැම රටක්ම එක හඬින් කියා සිටියා. පකිස්ථානය කිරි පොවා හදා වඩා තලේබාන්වරු පකිස්ථානයනට පෙරළා පහර දූනිනා . ලෝක ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයක් වෙන එල්ටීටීඊ සංවිධානයට මේ තත්ත්වය අහිතකර ආකාරයෙන් බලපෑම් කලා. මේ අතරතුර ලංකාව පාලනය කළ අය ඉන්දියාවට ඕන විදියට හැසිරෙන්න පටන් ගත්තා. ඉන්දියාව බලාපොරොත්තු වුණු මට්ටු කිරීම කරගන්න ඒ වෙනකොට ඉන්දියාව සමත් වුණා. ඒ නිසා තමයි උතුරු මිතුරු දුම්රිය මාර්ගය ලංකාවේ ඉංජිනේරුවන් සහ කම්කරුවන් යොදා කිලෝමීටර් එකක් මිලියන අටකට කරන්න පුළුවන් බවත් ඒය කර කරමින් සිටියදී කිලෝමීටර් එකක් මිලියන 18 කට ඉන්දියාවට ලබා දෙන්නේ. මෙය ටිකක් ලොකු උදාහරණයක් කිව්වේ තව ඕන තරම් කරුණු තියනවා. මේ වෙනකොට ඉන්දියාවට ඇත්තටම එල්ටීටීඊ සංවිධානය අවශ්‍යතාවය ගිලිහිලා ගිහින්. ඒ නිසා තමයි 2009 වෙනකොට එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් ඉන්දියාව පෙනී නොසිටීන්නේ. ලංකාවේ යුද්ධ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට යම් ගෞරවයක් හිමි වන අතර ලෝක තත්ත්වය ද යහමින් මේ සඳහා බලපෑම කලා. යුද්ධය දිනූ පමණින්ම ඔහු මේ රටේ සදාකල් නායකයකු බවට පත් කළ යුතු යැයි ජනතාව සිතන්නේ නම් ඇත්තටම කණගාටුයි. ඔහුගේ පාලන කාලය තුළ තරම් මේ රටට විනාශය අත්කරදුන් තවත් පාලන කාලයක් නෑ. එකල ප්‍රවෘත්ති විකාශනයන්හි දී ඔහුගේ නම කියන්න පවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියන්න පවා බය වන තත්වයක් නම් තිබුනේ ඇත්තටම මිනිසුන්ට නිදහසේ හිතන්න පතන්න අවස්ථාව තිබුනෙ නෑ. පෙට්රල් අඩු කරලා දෙන්නයි අධිකරණ නියෝගයක් තිබිය දී පවා ඔහු පෙට්රලි ටික අඩු කරල දුන්නෙ නැහැ. මේ ගැන කතා කරන්න ගියොත් ගොඩක් තියෙනවා මට ඔබට කියන්න ඕන කරල තිබුනෙ ත්‍රස්තවාදය පරාජය කිරීමට නම් ලෝකයේ පවතින තත්වයන් අනිවාර්යෙන් අපේ රටට ද බලපානවා කියන එක තේරුම් කරල දෙන්න. අපේ රට ඇතුළේ මොනතරම් ජාතිමාමකත්වය ගොඩනඟන්න උත්සාහ කරත් වැරහැලි අඳින මිනිස්සු බඩගින්නේ ඉන්න මිනිස්සු හිසට වහලක් නැතිව ඉන්න මිනිස්සු ගස් උඩ නිදියන මිනිස්සු සහ තමන්ට ලෙඩක් හැදුණාම හිඟා කාල ඒ ලෙඩේ හොඳ කරගන්න තරමට පත්වෙලා ඉන්න ජනතාව ඉන්න මේ තත්වය බලාපොරොත්තු වෙන්න බෑ. අවසාන වශයෙන් මේ උදාහරණයත් කියලා මේක ඉවර කරනවා .

ප්‍රාදේශීය සභාවට සියලු බලතල තිබුණා, පළාත් සභා වල සියලු බලය තිබුණා ,පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි බලයක් තිබුණා, මල්ලි ආරක්ෂක ලේකම් ඒක විශේෂ බලයක් ,විධායක ජනාධිපති බලය තිබුණා ,කතානායක ගේ බලය තිබුණා. මේ සියල්ල තිබිලත් රටක් හැටියට ඉස්සරහට යන්න බැරි උනානං සංවර්ධනය කරන්න බැරි උනානං පාර්ලිමේන්තු බලය විතරක් අරගෙන විධායක ජනාධිපති විතරක් අරගෙන දැන් ඇවිල්ලා කොහොමද සංවර්ධනය කරන්නේ කියලා මට නං තේරෙන්නේ නෑ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයට වඩා මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ බඩ මිල අඩුයි මහින්ද රාජපක්ෂ පාලන කාලයට වඩා චන්දිකා බණ්ඩාරනායක පාලන කාලය තුළ බඩූමිළ අඩුයි චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලයට වඩා ආර් ප්‍රේමදාස මහත්තයගෙ පාලන කාලය තුල බඩූමිළඅඩුයි ආර් ප්‍රේමදාස මහත්තයාගේ කාලේ වඩා ජේ ආර් ජයවර්ධන ගේ කාලයේ බඩූ මිල අඩුයි. හරියට ගත්තොත් මේ තියෙන්නේ මේ ක්‍රමේ ක්‍රමික කඩා වැටීම ක් ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න ඇතුව කවදාවත් අපේ රට ගොඩ ගන්න බෑ. ඊයේ පෙරේදා හොද කියමනක් අහන්න ලැබුනා . මේකට කමෙන්ට් දාන කොට ඒ ගැන කල්පනා කරල දාන්න කියලා ඉල්ලනවා”අන්ධයන්ගේ ලෝකයේ ඇස් පේන එකා අන්ධයේකි”

International