සාමාන්‍යයෙන් සෑම සති අන්තයකම සෙනසුරාදා දින ද සිලෝන් පෙට්ටෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගම තෙල් බෙදා හැරීම සිදු කරයි. ඉරිදා දින බෙදාහැරීම් කටයුතු සිදු නොකරන නමුත් ඉන්ධනහල් හිමියන් තමන්ට අවශ්‍ය පමණට ඉන්ධන සෙනසුරාදා ද රුගෙන යයි.
හදිසියේ එක්වරම සිකුරාදා දින (10) තෙල් බෙදීමේ කටයුතු සෙනසුරාදා (11) දින සිට සෙනසුරාදා දිනවල අත්හිටුවන ලෙස සේවකයන්ට පාලනාධිකාරිය විසින් දන්වා ඇත. කෙසේ නමුත් සපුගස්කන්ද පිරිපහදුවෙන් පමණක් ඉන්ධන බෙදා හැරීමටත් කොලොන්නාව නිමාවෙන් සෙනසුරාදා දිනවල ඉන්ධන බෙදාහැරීම නැවැත්වීමටත් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇත.
රට තුළ පවත්නා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම මත දින කිහිපයකට අවශ්‍ය තෙල් ගබඩා කර ගැනීමේ ගබඩා පිළිබඳ ගැටලුව පවතින බැවින් සෙනසුරාදා දින ද තෙල් බෙදීමේ රාජකාරි වල සීපීඑස්ටීඑල් සමාගම මේ වන තෙක් නිරත වූ බවත් සෙනසුරාදා දිනවල ඉන්ධන බෙදා හැරීම නැවැත්වූ විට අනිවාර්යෙන්ම රට තුළ ඉන්ධන හිඟයක් උද්ගත වන බවත් ඛණිජ තෙල් වෘත්තිය සමිති නායක බන්දුල සමන් කුමාර දිගින් දිගටම පවසා සිටින ලදි.
සෙනසුරාදා දින බෙදාහැරීම් කටයුතු සිදු නොකරන බව නොදැන සිටි බවුසර් රියදුරන් තම ටැංකි රථයද සමග කිලෝ මීටර් සීය දෙසීය ගෙවාගෙන නිමාව භූමියට පැමිණ ආපසු හැරී යන යන්නට විය.
සෙනසුරාදා දින සේවකයන්ට ගෙවන අතිකාල මුදල ඉතිරි කර ගැනීම තුළින් රටේ ආර්ථිකය ගොඩ නැංවීමට හැකියාව ඇතැයි සිතා ගන්නා ලද තීරණයක් වේ නම් එයින් රට ගොඩනැඟිය නොහැකි බවත් කප්පාදුව තුළින් කිසිසේත්ම ආර්ථිකය ගොඩ ගත නොහැකි බවත් මෙම තීරණය පිටුපස සිටින්නේ කවුද යන්න පිළිබඳවත් ජනතාව නිගමනය කරනු ඇත.
කෙසේ නමුත් තවත් එක නාටකයක ස්වරූපයෙන් අවසන් වූ සෙනසුරාදා දින තෙල් බෙදීමේ කටයුතු නැවැත්වීමේ තීරණය ඛණිජ තෙල් වෘත්තීය සමිති එක්ව ජය ගත්තද මේ අභියෝගවල ආරම්භය පමනකැයි සාමාන්‍ය පුරවැසයන්ට හැගෙනු ඇත. එසේම මෙම ආණ්ඩුව ගත් තීරණය තවත් ආයතනයකට සිදු වූ එක් සිදුවීමක් පමණක් නොව දිගින් දිගටම ඉදිරියට භාණ්ඩ හා සේවා සපයන සෑම ආයතනයකටම පෙන්වන ලද රතු එලියක් සේ ද දැකිය හැක.
