ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සැප්තැම්බර් 10 දින වැලිකඩ බන්ධනාගාරයටත් සැප්තැම්බර් 12 දින අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකීම පිළිබඳව සිදුවීම් කිහිපයක් වාර්තා වුණා.

පුද්ගලික හෙලිකොප්ටරයක් මඟින් ඔහු අනුරාධපුරයට ගොස් බන්ධනාගාරයේ සිටි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් දමිළ සැකකරුවන් දෙදෙනකුට තුවක්කුවක් දිගු කර තර්ජනය කර තිබෙනවා.

මෙම තත්ත්වය මත ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වී තිබේන්නේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යදුරයෙන් පමණි. ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යදුරයෙන් ඉල්ලා අස්වී නොමැත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇතුළු බොහෝ සිවිල් සංවිධාන ප්‍රකාශ කර සිටින්නේ ලොහාන් රත්වත්තේට ඉල්ලා අස්වී යාමට පමනක් ඉඩ නොදී වහාම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ද මේ මොහොතේ අත්‍යවශ්‍ය වී ඇති බවයි.

Local NEWS Political