විදෙස් ණයට ගම්මන්පිලගෙන් විසදුමක්.

විදෙස් ණයට ගම්මන්පිලගෙන් විසදුමක්.

දැනට ලංකාව මුහුණපා සිටින විදෙස් ණය අර්බුදයෙන් ගොඩ ඒමට මන්නාරම ද්‍රෝණියේ ඛණිජතෙල් හා ස්වභාවික වායු ගවේෂණය කිරීම වඩාත් හොද විසදුමක් බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.

ගවේෂණ කටයුතු සදහා මෙරට තාක්ෂණය ප්‍රමාණවත් නොවීම මත බ්‍රිතාන්‍ය සමාගමක සහායෙන් මේ වන විට ගවේෂණ කටයුතු ආරම්භ කර ඇත.

ගෑස් ගණ අඩි ට්‍රිලියන නවයක් පමණ හා බොරතෙල් ඩොලර් බිලියන 150 ක් පමණ වටිනා නිධි ඇති බවද ඇමතිවරයා පවසයි.

මන්නාරම ද්‍රෝණියේ එම්2 කොටසේ මේ වන විට හදුනාගෙන ඇති වායු හා බොරතෙල් ලිං ආශ්‍රිතව ප්‍රසිද්ධ වෙන්දේසියක් පවත්වා ආයොජකයින් කැදවාගෙන වසර තුනකින් බොරතෙල් හා ගෑස් ලබා ගත හැකි බවද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Biz and Economy Local NEWS