මුදල් අස්ථානගත වීමකට ගැලනිගම හුවමාරුවේ සේවකයෙකු අත්අඩංගුවට.

මුදල් අස්ථානගත වීමකට ගැලනිගම හුවමාරුවේ සේවකයෙකු අත්අඩංගුවට.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවේ සේප්පු දෙකක තබා තිබූ මුදල් රුපියල් මිලියන 1.4 ක් සැප්තැම්බර් 11 දින අස්ථානගත වීමක් සිදු වී ඇත.

ඒ පිළිබඳව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනය කිරීමෙන් අනතුරුව ගැලනිගම හුවමාරුවේ සේවය කරන අයකැමියකු සැකපිට බණ්ඩාරගම පොලිස්ථානයෙන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Law & Order Local NEWS