යාල ඉදිකෙරෙන නව හෝටලය…..

යාල ඉදිකෙරෙන නව හෝටලය…..

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් යාල අභය භූමිය තුළ නව හෝටලයක් ඉදි කරන බවට අවට ගම්වාසීන් චෝදනා කරයි. එසේම සියඹලාගස්වැව ප්‍රදේශයට ඉහලින් කුඩා වැවක් ඉදිකර ඇති බවත් එමගින් තමන්ගේ ගමේ වාරි කර්මාන්තයට ලැබෙන ජලය අවහිර වන බවත් වැඩිදුරටත් සියඹලාගස්වැව ප්‍රදේශවාසීන් පවසයි.

වනාන්තරය හෙළි පෙහෙළි කිරීම පිළිබඳව තමන්ට වාර්තා වී නොමැති බවත් තමන්ට බැම්මක් ඉදිකිරීම පිළිබඳව වාර්තා වීමෙන් තමන් එයට මැදිහත් වී එම බැම්ම ඉවත් කිරීමට කටයුතු කළ බවත් වන අඩවි නිලධාරීන් පවසයි.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසා සිටින්නේ වන අඩවි නිලධාරීන් වඩාත් හොඳින් මේ පිළිබඳව දැනුවත්ව නිහඩව සිටින බවයි.

Environment Local NEWS