සියලුම ආගම්වල දහම්පාසල් විධිමත් කිරීමේ වැඩපිලිවෙලක්.

සියලුම ආගම්වල දහම්පාසල් විධිමත් කිරීමේ වැඩපිලිවෙලක්.

බහු ආගමික රටක් වන ලංකාව තුල දැනට සියලු ආගමික ආයතන විසින් පවත්වාගෙන යනු ලබන දහම්පාසල් විධිමත් ක්‍රමවේදයක් අනුව එකම ආකාරයකට පත්වාගෙන යාමේ අවශ්‍යතාවය කෙරෙහි රජය අවධානය යොමු කර ඇත.

ප්‍රධාන ලෙසම දහම්පාසල් සදහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම හා එයට නීතිමය රාමුවක් ලබා ගැනීමට දහම්පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ දී (7) සාකච්ජා කර ඇත.

එහිදී දහම්පාසැල් සදහා පනතක් කෙටුම්පතක් සකස් කර ඒ අනුව දහම් පාසැල් පවත්වාගෙන යාම, දහම්පාසැල් සියල්ල එකම ආකාරයකට ලියාපදිංචි කිරීම, බදවා ගැනීම් හා වයස් මට්ටම සමානව පවත්වාගෙන යාම, දහම්පාසල් අධ්‍යාපනයේ කාර්ය භාරය හදුනාගෙන ඒ අනුව දහම්පාසැල් අධ්‍යාපන ක්‍රමය පිලිබදව තීරණ ගැනීම යනාදී ඉතා වැදගත් කරුණු රුසක් සාකච්ඡා කර ඇත.

Local NEWS Religious