පොහොර ඉල්ලා ගොවි විරෝධතා…

පොහොර ඉල්ලා ගොවි විරෝධතා…

දෙහිඅත්තකන්ඩිය සේරුපිටිය ගොවීන් අද (10) තමන්ට පොහොර නොලැබීම නිසා මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකිව රජයට එරෙහිව දැඩි විරෝධතාවයක නිරත විය.

ඇලහැර කරදගොල්ල ප්‍රදේශයේ ගොවීන්ද අද (10) විරෝධතාවක නිරත වෙමින් කරදගොල්ල කුඹුරු යායට යන ලදි. එසේම ගාල්ල වක්වැල්ල ගොවීන්ද විරෝධතාවක නිරත වන ලද අතර ගොවීන් ප්‍රකාශ කර සිටින ලද්දේ කොම්පෝස්ට් සෑදුවද ඒවා කුඹුරට ඉසිය නොහැකි බවයි.

නොච්චියාගම ප්‍රදේශයේ ගොවීන්ද විරෝධතාවක නිරත වූ අතර ගොවි බිමට ගිය විපක්ෂ නායක විසින් පොහොර ලබා දීම අවශ්‍ය බවත් විද්‍යාව මත පදනම්ව පොහොර ගෙන්වීම පිලිබදව තීරණ ගත යුතු බවත් පැවසීය.

Biz and Economy Local NEWS