මුතුරාජවෙල ඉදිකිරීම් පිලිබදව විමර්ෂණයක්.

මුතුරාජවෙල ඉදිකිරීම් පිලිබදව විමර්ෂණයක්.

මේ වන විට මුතුරාජවෙල අභය භූමිය ආසන්නයේ තැනැත්කු විසින් සිදු කරමින් පවතින ඉදිකිරීම් හා පාරිසරික වෙනස්කම් පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව එම ඉදි කිරීම් පරීක්ෂාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ හා වනජීවී අමාත්‍යංශයේ විමර්ශන කණ්ඩායම් යොදවන බවට වැඩිදුරටත් අමාත්‍යවරයා පවසයි.

එම විමර්ෂණයේදී මෙම ඉදිකිරීම්දී සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වය හා එම ඉදිකිරීම් වලින් සිදුවන බලපෑම ද ප්‍රේරණ කලාපයට දැනට සිදුවී ඇති හානිය ද සොයා බලන ලෙසට ඇමතිවරයා උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Environment Local NEWS