රිෂාඩ් බදුර්ධීන්ට ඇප.

රිෂාඩ් බදුර්ධීන්ට ඇප.

රිෂාඩ් බදුර්දීන්ට අද අධිකරණයෙන් ඇප ලැබී ඇත. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රිෂාඩ් බදුර්ධීන් පාස්ක ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර ඔහුගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක් මිය යාම සම්බන්ධයෙන් ද අධිකරණයේ නඩුවක් වන්නේය.

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමිවී ඇත. එසේම ඔහුගේ නිවසේ සේවය කළ ජුඩ් කුමාර් ඉෂාලනි නැමැති දැරිය පිළිස්සී මියයාම සම්බන්ධ නඩුවෙන්ද ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත. දැරිය පිලිස්සී මියයාම පිලිබද නඩුව නැවත 2022 වර්ෂයේ පෙබරවාරි 18 වන දා කැදවීමට නියමිතය.

Law & Order Local NEWS