අයහපත් කාලගුණයෙන්  ප්‍රදේශ රුසකට හානි

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රුසකට හානි

පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රුසකට හානි සිදුවී ඇත. දිවයිනට බලපා ඇති අඩු පීඩන තත්වය තවදුරටත් දිවයින අවට වායුගෝලයේ ස්ථානගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දින කිහිපයක සිට මුහුදු කලාපයේ හා රට තුල දැඩි සුලං තත්වයන් ද වැසි සමග ඇති විය. ඊයේ (30) ගම්පල ගම්පිටිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී වාහන දෙකකට අලාභ හා පුද්ගලයින්ටද හානි සිදුවී ඇත . මැදිරිගිරිය ප්‍රදේශයේ නිවසකට ද හානි වී ඇතැයි වාර්තා වේ. දැදුරු ඔය, කලා වැව, වික්ටෝරියා, රාජාංගනය වැව යන වැව්වල හදිසි වාන් දොරටු ද විවෘත කර ඇත. එබැවින් එම වැව් අවට ජනතාව විමසිලිමත් වීම වැදගත්ය.

පවතින අයහපත් කාලගුණික තත්වය තවදුරටත් අද දිනද (31) උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුවට හා ත්‍රිකුණාමලයට බලපෑ හැකි බවත් සවස් වරුවේ තද වැසි හා සුලං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Environment Local NEWS