මසාලා තේ. 𝐌𝐚𝐬𝐚𝐥𝐚 𝐂𝐡𝐚𝐢

මසාලා තේ. 𝐌𝐚𝐬𝐚𝐥𝐚 𝐂𝐡𝐚𝐢

ඉන්දියාවේ ජනප්‍රියම තේ එකක්. මසාලා චායි / චායි මසාලා.චායි කියන්නේ හින්දි භාෂාවෙන් තේ වලට .මසාලා යනු කුළු බඩු එකතුවක්. ගොඩාක් දුරට මේ තේ එකට භාවිතා කරන්නේ දියර කිරි.ප්‍රෙෂ් මිල්ක් නැත්නම් පිටිකිරි දියකරලා හදා ගන්නත් පුළුවන්.
මසාලා තේ හදන ක්‍රම කීපයක්ම තියනවා.මේ තියෙන්නේ ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන් ක්‍රමයක්.වෙනසකටත් එක්ක මේ තේ එක හදලා රස විදින්න.
මසාලා තේ කප් 2 ක් සදහා.

  • එලකිරි කප් 1ක්
  • තේ කුඩු තේ හැදි 2ක් ( කැමැත්ත අනුව)
  • සීනි අවශ්‍ය තරමට.
  • කුරුදු පොත්තක්
  • එනසාල් ඇට 3ක්
  • ඉගුරු පෙත්තක්
  • කරාබු නැටි 3ක්.
  • වතුර කප් 2ක්.
  • ඉගුරු .කුරුදු .කරාබු නැටි.එනසාල්.පොඩි වංගෙඩියක දමා තලා ගන්න.

අවශ්‍ය නම් ග්‍රයින්ඩ් කර ගන්නත් පුළුවන් එහෙමත් නැතිනම් නිකන්ම එකතු කර ගන්නත් පුළුවන් .

වතුර කප් 2ක් පමණ භාජනයකට දාලා ලිපේ තියන්න. තේ කුඩු .කුළුබඩු සහ මින්ට් කොල තියනවානම් පමණක් එකතු කරන්න. සීනි අවශ්‍ය තරමට එකතු කර උතුරවා ගන්න . කිරි එකතු කර හොදින් හැන්දෙන් කලවම් කරන්න .කිරි කැටි ගැසෙන්න නොදි.ගින්දර හොදටම අඩු කර විනාඩියක් පමණ පියනකින් වහන්න.

අවසානයට තේ පෙරනයකින් පෙරා කුළුබඩු ටික අයින් කර උනුවෙන්ම පිලිගන්වන්න. දවස ප්‍රබෝධමත්ව අරබන්න හෝ ප්‍රබෝධමත්ව අවසන් කරන්න රසවත් තේ එකක මිහිර විදින්න…

  • Resh
Art & Culture Health & Beauty Lifestyle