අපි නොදන්න හෑෂ් නොහොත් “හෂීශ්”

අපි නොදන්න හෑෂ් නොහොත් “හෂීශ්”

දැන් මේක කියවන ගොඩදෙනෙක් මට බනින්නත් පුළුවන්, “අපි හෑෂ් ගැන දන්නවා බං, හොඳට ගහනවා අපි” කියලා. නමුත් මට ජීවිතේ මුනගැහුන 90% ම දෙනා හෑෂ් කියන එක ගැන දන්නේ හරිම ප්‍රාථමික දේවල් ටිකක්.
ලංකාවේ 95% ක්ම හෑෂ් කියලා දන්නේ වර්ග 2ක් විතරයි. එකක් “මනාලි” අනිත් එක “මොරොක්කන්” නැත්නම් “මොරා”. ලොකුම දේ තමයි, ලංකාවේ 95% ක්ම හෑෂ් වර්ගීකරනය කරනු ලබන්නේ එහි පිටින් පෙනෙනා වර්නයෙනි. එනම්, “කළු වර්ණය නම් එය “මනාලි”, දුඹුරැ වර්ණය නම් එය “මොරොක්කන්” ලෙසය. ඒක අපේ නොදන්න කම. මේ කතාවේ අරමුන ලංකා⁣වේ weed community එකේ “හෑෂ්” ගැන තියෙන දුර්මත නැතිකිරීමටයි. මේ ගැන මං කතා කරන්නේ අවුරැදු ගානනක පරීක්ෂණ හා අධ්‍යයනයන් රැසක් හා සාක්ෂිද සහිතවයි. මේ කොටස හෑෂ් ඉතිහාසය ගැනයි.

• මොනාද ඇත්තටම මේ හෑෂ් කියන්නේ?
හෑෂ් නැත්නම් හෂීශ්, හෑෂ් වලට එක් එක් රටවල් හා ප්‍රදේශයන්ට ආවේනික වූ නම් භාවිතා කර ඇති බව අපට පෙනේ. ලංකාවේ සමහරැන්ට මේක “ඈෂ්”. උතුරැ ඉන්දියානුවන් හා නේපාල වැසියන් මෙය චරස් ලෙසද හඳුන්වයි. මුලින්ම මෙය “අසීස්” ලෙස ඊජිප්තුවරැන් භාවිතා කර ඇති බව අතීත සාධක හරහා පෙනෙයි. නමුත් “හෂීශ්”(In Arabic: حشيش‎) නම හැදෙන්නේ “අතීත මුස්ලිම් අරාබිවරැන්ගෙනි”. පසුකාලීනව එය “හෑෂ්” ලෙසද භාවිතා විය.
හෑෂ් හදන්නේ කංසා ගහේ ඇති “trichomes”භාවිතයෙනි. Trichomes වල තමයි විශාල වශයෙන් “cannabinoids” පවතින්නේ. එකයි කංසා මලක් භාවිතා කරනවාට වඩා හෑෂ් භාවිතයෙන් වැඩි high එකක් එන්නේ. Trichomes කියන්නේ මොකද්ද කියලා අපේ community එක දන්න නිසා මන් ඒක ගැන විස්තර කරන්නේ නෑ.
හෑෂ් වල පැහැය නැත්නම් වර්ණය ඇති වන්නේ එය සෑදීමට භාවිතා කරන කංසා වර්ගය හා එම හෑෂ් සෑදීමට භාවිතා කරන ක්‍රමය අනුවයි. එබැවින් අපි හැමෝම දන්න හෑෂ්, තද හා ලා දුඹුරැ, තද හා ලා කළු, රත්රන්, රතු හා සුදු වර්ණවලින් දැක ගැනීමට හැකි වෙයි.

• හෂීෂ් ඉතිහාසය
ඉස්සල්ලම ලෝකයේ “හෑෂ්” සොයාගත්තේ කවුරැන්ද හෝ කුමන රටකින්ද හෝ කුමන ජන කොට්ඨාසයකින් කියලා කියන්න සාධක නැති උනත්, ඇත්තටම “හෑෂ්” භාවිතය පිලිබඳ ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතිනවා. මුලින්ම මේක කෑමක් ලෙස තමයි භාවිතා කරලා තියෙන්නේ. තවමත් ලෙබනනය, ඊජිප්තුව වැනි රටවල් තුල එය එලෙසින්ම පවති. ලෙබනනය, ඇෆ්ගනිස්තානය, ඉරානය, අරාබිය, ඊජිප්තුව, මොරොක්කෝව, පාකිස්තානය හා ඉන්දියාව යන රටවල් සමඟ දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති බව පරීක්ෂණ වලදී පැහැදිලි විය. ඒවගේම යුරෝපය හා ඇ⁣මරිකා එක්සත් ජනපදයද හෑෂ් භාවිතය පිලිබඳ ඉතිහසයක් ඇත. මුලින් සඳහන් කලා වගේ උතුරැ ඉන්දියානුවන් හා නේපාල වැසියන් ඔවුනටම ආවේනික වූ සාම්ප්‍රදායික ක්‍රමයකට “හෑෂ්” නිපදවයි. නමුත් ඔවුන් එය “චරස්” ලෙස හඳුන්වයි.

“හෂිෂ්” යන යෙදුමේ පළමු සහතික කිරීම ක්‍රි.ව. 1123 දී කයිරෝවේ ප්‍රකාශයට පත් කරන ලද චෝදනා පත්‍රිකාවක “නිසාරි මුස්ලිම්වරුන්” Hashish-Eaters නැත්නම් “හෂිෂ් අනුභව කරන්නන්” ලෙස සඳහන් කර ඇත. 13 වන සියවසේදී “ඉබ්නු තයිමියා” විසින් “හෂිෂ්” භාවිතය තහනම් කළේය, ඔහුට අනුව මෙය 13 වන සියවස පුරාවටම පැවති මොන්ගෝලියානු ආක්‍රමණයත් සමඟම ඊජිප්තුව හා අවට රටවලට හඳුන්වා දුන් බවයි. 1500 දශකය වන විට ලෝකයට දුම්කොල භාවිතය හඳුන්වා දුන් අතර, ක්‍රි.ව 1500 තුරුම “හෂිෂ්” මුස්ලිම් ලෝකයේ දුම්පානයක් ලෙස නොව ආහාරයට ගතහැකි ලෙස පරිභෝජනය කරන ලද්දක් විය. 1596 දී ඕලන්ද ජාතික “ජෑන් හියුගන් වැන් ලින්ෂොටන්” ගේ නැඟෙනහිර සංචාරයන් පිලිබඳව ඇති ලේඛන තුල ඔහු පුරා පිටු තුනකම, “Bangue or Bhang” “බන්ගු” (භං) පිළිබඳ විස්තර කර ඇත.ඔහු විශේෂයෙන් “ඊජිප්තු හෂිෂ්” ගැන සඳහන් කළේය. ඔහු පැවසුවේ, “තුර්කියේ සහ ඊජිප්තුවේ ද “Bhang” බොහෝ සෙයින් භාවිතා වන අතර එය වර්ග තුනකින් සාදා ඇති අතර නම් තුනක් ද පවතින බවයි.

එයින් එකක් තමයි “Assis” (ඇසීස්). ඔවුන් කංසා මල් හෝ කොල, කුඩු කර වතුර භාවිතයෙන් තලපයක් ආකාරයට සකසා කුඩා කෑලි වලට කපා වේලාගෙන අනුභව කර ඇත. මේය වැඩිපුරම සාමාන්‍ය ජනයා භාවිතා කල එක බව ඔහු පවසයි. මෙය ඉතා සුළු මුදලකට ගැනීමට හැකි වුනු අතර මෙම කෑලි 5ක් එක් අයෙකු එක් වරකට අනුභව කර ඇත. මෙයින් ඔලු කැරකෙන High එකක් ලැබුනු බව පැවසේ. 18 වන ශතවර්ෂයේදී නැගෙනහිර සිට “හෂිෂ්” යුරෝපයට පැමිණියේය. එය විද්‍යාත්මකව මුලින්ම සඳහන් කළේ 1777 දී “ග්මලින්” විසිනි. නැපෝලියන් ව්‍යාපාර හරහා ප්‍රංශ හමුදාවට, “ඊජිප්තුවේ හෂිෂ්” හඳුන්වා දුන් අතර මෙහි ඇති ඖෂධීය ප්‍රයෝජනවත් බව පිළිබඳ පළමු විස්තරය,1830 දී, ඖෂධවේදියෙකු හා උද්භිද විද්‍යාඥයෙකු වන “තියඩෝර් ෆ්‍රෙඩ්රික් ලුඩ්විග් නීස් වොන් එසෙන්බෙක්” විසින් ඉදිරිපත් කරන ලදී.

1839 දී “ඕ ෂාහ්වුනෙසි” විසින් හිමාලයානු කංසා පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කළ අතර එය යුරෝපීය වෛද්‍ය විද්‍යාලය විසින් පිලිගන්නා ලදි. ඉන්පසු කල පරීක්ෂණ වලට අනුව “හෂිෂ්” යනු බඩේ අමාරුවලට සහනයක් ගෙන දෙන අතර ජලභීතිකා, කොලරාව සහ ටෙටනස් වැනි රෝගවලින් සමහර රෝග ලක්ෂණ අතුරුදහන් වීමට හේතු වන ඖෂධයක් ලෙසද හඳුන්වනු ලැබූහ. මෙය වෛද්‍ය ප්‍රජාව තුළ ඉහළ බලාපොරොත්තුවක් ඇති කිරීමට හේතු විය.
1840 දී ලුවී ඇබර්ට්-රොචේ විසින් සොයා ගත් කරැන වන්නේ, වසංගතයන්ට එරෙහිව “හෂිෂ්” සාර්ථකව භාවිතා කළ හැකි බවයි. එම කාලයේදීම, “හෂිෂ්” සමඟ මනෝචිකිත්සක අත්හදා බැලීම් සිදු කරන ලද්දේ “ජැක් ජෝශප් මෝරෝ” විසිනි. ⁣මෝරෝට අනුව “හෂීෂ්” යනු මනෝ චිකිත්සාව සඳහා භාවිතා කළ හැකි උත්තරීතරම ඹෟෂධය බවයි.

19 වන ශතවර්ෂයේදී සමහර යුරෝපීය සාහිත්‍ය කවයන් තුළ හෂිෂ් වැළඳ ගන්නා ලදි. වඩාත් ප්‍රචලිත වන්නේ “ක්ලබ් ඩෙස් හෂිෂින්ස්” (the Club des Hashischins) යනු පැරිසියානු සමාජ ශාලාවක් වන අතර එය හෂිෂ් සහ වෙනත් මත්ද්‍රව්‍ය පරිභෝජනය සඳහාම කැපවී තිබූ ස්ථානයකි. එහි සාමාජිකයින් අතර “තියෝෆිල් ගෝටියර්, ආචාර්ය මෝරෝ ඩි ටුවර්ස්, වික්ටර් හියුගෝ, ඇලෙක්සැන්ඩ්‍රේ ඩුමාස්, චාල්ස් බවුඩ්ලෙයාර් සහ හොනොරේ ඩි බල්සාක්” වැනි සුප්‍රසිද්ධ ලේඛකයින් විය.

අබිං හා හෂිෂ් ආභාෂය යටතේ පවතින තත්වය ගැන “බවුඩ්ලෙයාර්” පසුව 1860 දී “ලෙස් පැරඩිස් ආර්ටිෆියල්ස්” (Les paradis artificiels) නම් ග්‍රන්ථය ලිවීය. ඒ අතරම, ඇමරිකානු කතුවරයකු වන “ෆිට්ස් හියු ලුඩ්ලෝ” 1857 දී “හෂීෂ් ඊටර්” (Hasheesh Eater) නම් ග්‍රන්ථය ලිවීය. එමගින් ඔහුගේ තරුණ අත්දැකීම් ධනාත්මක හා සෘණාත්මක ලෙස මත්ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වීම ගැන පැහැදිලි කර ඇත. “හෂිෂ්” 1869 දී ජර්මනියේ නිර්වින්දකයක් ලෙස භාවිතා කර ඇති බව සඳහන් වේ. එය විශේෂයෙන් ඉන්දියාවෙන් විශාල වශයෙන් ආනයනය කර ඇති අතර එකල ඉන්දියානුවන් එය චරස් ලෙස හැඳින්විණි.


1880 සිට 1900 දක්වා කාලය තුළ යුරෝපීය රටවල සහ ඇමරිකා එක්සත් ජනපදයේ හෂිෂ් සංයෝග බහුලව දක්නට ලැබෙන අතර ඖෂධීය භාවිතයේ උච්චතම අවස්ථාව විය. 19 වන සියවසේ අගභාගයේදී යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ වේදනාව, ඉරුවාරදය, ඩිස්මෙනෝරියා, පර්ටුසිස්, ඇදුම සහ නින්ද නොයාම සඳහා ප්‍රතිකාර කිරීමේදී හෂිෂ් වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. තවත් අවස්ථාවන්වලදී ඖෂධයක් ලෙස ආමාශ කැක්කුම, මානසික අවපීඩනය, පාචනය, ආහාර රුචිය අඩු වීම, ප්‍රාචීරස්, රක්තපාතය, බේස්ටෝව් සින්ඩ්‍රෝමය සහ මැලේරියාව භාවිතා කල බව සඳහන් වේ. නමුත්, 1961 දී එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පිළිබඳ තනි සම්මුතිය මගින් “හෂීෂ්” තවදුරටත් ඖෂධයක් ලෙස භාවිතා කිරීම තහනම් විය.

Art & Culture Environment Health & Beauty History Sci & Tech