කොමිස් කුට්ටිය නැතිවෙන බයෙන් ගම්මන්පිල යකා නටයි.

කොමිස් කුට්ටිය නැතිවෙන බයෙන් ගම්මන්පිල යකා නටයි.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාවේ ප්‍රධාන ටැංකි සංකීර්ණය වෙත කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන ඒමට නල එලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. එම ව්‍යාපෘතිය විදේශීය සමාගමකට ටෙන්ඩර් මගින් පිරිනමා තිබූ අතර පර්යන්ත සමාගමේ ඉංජිනේරුවරුන් යොදවා ගෙන එම ව්‍යාපෘතිය සිදු කිරීමේ අරමුණින් හා එම ටෙන්ඩරයේ පැවති තාක්ෂණික කරුණු මත ව්‍යාපෘතිය අත්හිටුවන්න ට සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දිනෙක තීරණය කරන ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් දිගින් දිගටම එම ව්‍යාපෘතිය බාහිර සමාගමකට ටෙන්ඩර් මඟින් ලබා දීමේ උවමනාව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල වෙත දැඩිව පැවතුණු අතර, ඒ සඳහා දිගින් දිගටම සභාපතිවරයා වෙත බලපෑම් සිදු කරන්නට වූ බව සංස්ථා සේවකයෙක් පැවසීය. එලෙස කොමිස් මුදල් ලබාගැනීමේ අරමුණින් ඇමතිවරයා විසින් මෙම ටෙන්ඩරය පිටස්තර පාර්ශවයකට ලබා දීමට කටයුතු කරන්නට කරන ලද බලපෑම් අනුව කටයුතු නොකර, ආයතනයට හා රටට හිතෛෂී ව කටයුතු කල උවයිස් මොහොමඩ් මහතා ජනතා මුදල් ද රැක ගනිමින් රටට සේවයක් කිරීමට ගන්නා ලද උත්සාහයට එරෙහිව ඇමතිවරයා සිය අදිසි බලවේගයන් ක්‍රියාත්මක කරමින් ඔහුට ඉල්ලා අස්වන ලෙස වරින් වර බලපෑම් කර ඇතැයිද වාර්තා වේ .

තත්වය එසේ තිබියදී තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කරන ලද බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ඇමති උදය ගම්මන්පිල ලිපියක් යවා ඇත.

ජනාධිපතිවරයා පඹයෙකු බව සනාත කරමින් විෂය භාර ඇමතිවරයා විසින් ජනාධිපති පත්කිරීම් අවලංගු කිරීමට සමත්ව ඇතැයිද සමාගම් සේවකයන් වැඩිදුරටත් පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සාක්ෂි සහිතව නුදුරේදීම බලාපොරොත්තු වන්න.

Biz and Economy Breaking News Law & Order Local NEWS Political